ලක් මවට අහිමිව ගිය “නැදුන්ගමුව ඇත් රජිඳු” මිය ගොස් මාස කිහිපයක් ගතව තිබේ. එළඹෙන ඇසල පෙරහැර මංගල්‍යයේදී නැදුන්ගමුවේ රාජ නැති අඩුව නැවත ජනතාවට සිහිපත් වනු ඇත. ඔහු සිහිපත් වීම උදෙසා මෙවර ඇසල පුණු පොහොය දිනය ඉලක්ක කරගෙන නවතම සින්දුවක් එලි දැක්විණි. ඒ මීට දින දෙකකට පෙර 11 වැනිදා රත්නපුර ගොඩකවෙල බණ්ඩාරවත්ත ටිම්බර් මිල්ස් ආයතනයේදීය.
කුමාර බණ්ඩාරවත්තගේ පද රචනයෙන්, ඉන්ධික ප්‍රසාද්ගේ හඩින් සහ සංගීතයෙන් හැඩ වූ මේ අපුරු නිර්මාණය එළිදක්වා පසුදින උදෑසන දක්වා පරිත්‍රාන ධර්මදේශනයක්ද පැවැත්විණි.
ලොවේ සියලු බොදුවන්ගේ හදින්නැගෙන පූජා
සෙංකඩගල සිරි දළදා සමිඳුන්ගේ තේජා
අපේ ලොකුම හස්තිරාජ ගතින් නිසල වූ දා
අනේ මොපුර වැඩපන්නේ නැදුන්ගමුවේ රාජා//
කළු මාමාත් එක්ක නොමැති කිසිමදාක රණ්ඩුයි
කළු මාමාත් සිරිතට වගෙ අතට ගත්තු හෙන්ඩුයි
පයට දාපු පය පාවඩ හොඬින් හදපු හින්දයි
ඔබ පිළිබඳ ඇති මතකය හද පතුලෙම රන්දයි...
කියලා දුන්න කරුණු නොවෙයි ඇති ගුණ කඳ කාවත්
භවය පුරා අරන් ආව සසර පුරුදු මේවත්
ඇසළ උළෙල හැඩ කරන්න මෙයින් පසුව නාවත්
දන්ත ධාතු වැඩමවන්න මෙතේ බුදුන් ගාවත්….
ගෞතම හිමි වගේ ඔබත් හස්ති රාජ කුලේ
උපන්නාය කියා මගේ හිත අස්සට හැඟේ
කරඬුව ගෙන රජ වීදිය මැදින් ගියා වගේ
වඩිනු මැනවි නිවී නිවෙන රන් මාවත දිගේ……
“නැඳුන්ගමුවේ රාජා” පසුගිය වසර 12ක් පුරාවට අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේ මහාඟු භාග්‍ය ලද උත්තම වූ හස්ති රාජයෙකි.මෙම හස්ති රාජයාණන් පසුගිය මාර්තු මස 07 වනදා ලක් මෑණියට අහිමිව ගියහ.
මෙම නැදුම්ගමුවේ රාජා හස්ති රාජයා මහත් තේජස් ඇති ආසියාවේ හීලෑ ඇතුන්ගෙන් උසම හස්තියා ලෙස සැලකේ.කෙසේ නමුත් මහනුවර දළදා මාළිගයේ වැඩ සිටින් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැම්පත් කර ඇත කරඬුව 12 වතාවක් සිය කර මත වැඩමවීමේ භාග්‍ය ඔහුට හිමි විය.
නැදුන්ගමුවේ රාජා හස්ති රාජයන් දළදා වහන්සේ සිය කර මත වඩමවාගත් පසු මෙම හස්තියා තුළ ඇතිවන මහත් සන්සුන් ස්වභාවය අප කාටත් අදාගත නොහැකි වූවකි.ඇසළ මංගලයයේ කරඬුව වඩම්මවන අවස්ථාවේ ඔහුගේ පයට දමන පාවඩයේ පවා වෙනසක් සිදු වුවහොත් ඔහු එතැනින් සිය පාදය හෝ නොතබා පා ඔසවාගෙන රැඳී සිටිනු ලබන්නේ සිය කර මත දරා සිටින ගෞතමබුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේට කෙරෙන නමස් කාරයක් ලෙසයි.
අප තිරිසන් සතෙකු ලෙස සැලකුව ද මනුෂ්‍ය අප සතුව පවා නොමැති ගුණ දහම් මෙම හස්ති රාජයා තුළ පැවතින.නැදුම්ගමුවේ රාජා සිය ජීවිත කාලය පුරාවට තම වර්ගයාගෙන් ඈත්ව හුදෙකලා දිවියක් ගත කරන ලදී.ඔහුට සිය වර්ගයාගේ ආදරය සෙනෙහස හිමි නොවූව ද ඊට නොඅඩු සෙනෙහසක්, ආදරයක් මෙන්ම ගෞරවයක් මනුෂ්‍යයන් වන අපගෙන් ඔහු ලබා ගනු ලැබුවේ මෙම හස්ති රජුගේ තිබූ මනා හික්මීම මෙන්ම දන්ත ධාතූක් කෙරෙහි පැවති මහත් භක්තිය නිසාවෙනි.නැදුන්ගමුවේ රාජා හස්ති රජු පිළිබඳ සදහන් කරන විට අපට අමතක කල නොහැකි ඒ හා එක්ව බැඳී පවතින නාමයක් ලෙස කළු මාමා චරිතය පෙන්වා දිය හැක. අද අපටත් වඩා නැදුන්ගමුවේ රාජා පිළිබඳ උපන් භක්තිය හා සෙනෙහස කැටිව ළය වේදනාවෙන් කල් ගත කරනු ලබන්නේ කළු මාමාය. ඔහු ද අපට කිසිදා අමතක කළ නොහැකි සුන්දර මිනිසෙකි. මෙම පද පෙළ එක් කිරිමේදී රචකයා ඔහුව ද සෙනෙහසින් යුතුව සිහිපත් කර ඇත.
ඔහු ලක් මවගෙන් වෙන්ව කෙටි කලක් ගත වුවද තවමත් අප හදවත් තුළ ඔහු අමරණියයි. නැදුම්ගමුවේ රාජා කෙරෙහි උපන් ගෞරවය සහ සෙනෙහස කැටි කරගනිමින් මේ ඇසළ පුන් පොහෝ දිනය පාදක කර ගනිමින්, මෙවර ඇසළ මංගල්‍යයට ඔහු නොමැති අඩුව සහ ඔහුගේ වියෝව සිහිපත් කරමින් මෙම පද වැල නිර්මාණය වී තිබේ.
මේ ඇසළ පුන් පොහෝ දිනයේදී, ලක් මවට අහිමිව ගිය තෙජස් සම්පන්න නැදුම්ගමුවේ රාජා හස්ති රාජයාට දළදා වහන්සේ වැඩැම්මූ පින් බෙලෙන් මොක් පුර සැපැත්වීමට හැකියාව ලැබේවායි අප සියලු බෞද්ධයන් ලෙස ප්‍රාර්ථනාවක් එක් කරමු.