රටම නොදත්, රටේ දේශපාලනයේ සුදු චරිතයක්

රටම නොදන්නවා උවත් රටට මහඟු මෙහෙයක් සිදු කර නිහඬව සමුගත් ඔහු නමින් උක්කුබණ්ඩා විජේකෝන් ය. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප්‍රේමදාස රජයේ ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතියේ නියමුවා ඔහු..එම රජයේ පේෂකර්මාන්ත ඇමති.1994දි ( වයස අවු 57දී පමණ)ඔහු දේශපාලනයෙන් සමුගන්නවා. ඉන්පසු ඔහු කාලය ගතකලේ තම බිරිඳ සමඟ .. ඔවුනට සේවකයන් සිටියෙ නැහැ. එන්ජින් ධාරිතාවය 1000cc කාර් එකක් ඔවුනට තිබුනෙ.. රියදුරෙක් හිටියෙ නැහැ. දුර ගමන් ගියෙ three wheeler එකකින් නුවර ටවුමට ගිහින් බස් එකේ..

බිරිඳ සමගින් ලඟ පෙට්ටි කඩේට ගිහින් එළවළු මිලදී ගත්තෙ සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදියටමයි..ඔහු හිටපු ඇමතිවරයෙක් බව ලඟපාත කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ. දේශපාලඥයෙක් උවත් ඉතා චාම් සරල දිවිපෙවෙතක් ගත කළ මොහු අද සිටින පාලකයන්ට ද උදාහරණයක් වශයෙන් ගත හැකි උතුම් පුද්ගලයෙකි.

පොල් ත්‍රිකෝණයේ දඹදෙනිය ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රී තුමා වී සිටි ඔහුට ඉඳහිට දිනක ගම්වාසීන් විසින් ඔවුන්ගේ ගෙදර වත්තේ තිබෙන පොල් ගස්වලින් අළුත් පොල් ලබා දුන්විට එය බාරගන්නෙත් ඉතා සතුටෙන්..මොකද පර්චස් 30 පමණ ගෙදර ඉඩම හැරෙන්නට වෙන පොල්වතු කෙත්වතු ඔහුට නොතිබුණ නිසා..

ඒත් දේශපාලනයෙන් ඥාතීන්ට උදවු නොකල නිසාම සමහර ඥාතීන් ඔහු අත්හැර තිබුණා..ඇත්තටම ඔහු තමන්ගෙ එකම පුතාටවත් දේශපාලන බලයෙන් රැකියා නොදුන් කෙනෙක්.. ඔහුගෙ පුතු නිරෝෂණ විජේකෝන්.. වසර 8 ක් එක දිගට ශ්‍රී ලංකා බැට්මින්ටන් ශූරයා වී තවමත් නොකැඩුන වාර්ථාවක් තැබූ ඔහු පෞද්ගලික ආයතනයක ඉහල නිලයක් දැරුවෙ ඒ ක්‍රීඩා කෞෂල්‍යය නිසා ලද වරප්‍රසාදයක් ලෙසින් මිස පියාගෙ බලයෙන් නෙවෙයි..

ජීවිතයේ සැදෑ සමය සරල මිනිසෙකු ලෙසින් ගෙවූ ඔහු 2016 හදිසි හෘදයාබාදයකින් මහනුවර මහ රෝහලේදි මියයනවා. ඔහු මියගියේ ආත්ම තෘප්තියෙන් පිරුණු ජීවිතයක අවසානයේ..මව්රටට සේවය කල සතුට , රටෙන් හොරා නොකෑමේ නිරාමිස සතුට ඔහුට තිබුණා. ඔහුගෙ අවසාන ඉල්ලීම උනේ කිසිදු අවමගුල් උත්සවයකින් තොරව තම දේහය හැකි ඉක්මනින් තමන් ශිල්පලද පේරාදෙණිය සරසවියට බාරදීම..

නුවර මහරෝහල ඉදිරිපස මල්ශාලාවෙ පැය කිහිපයකට පමණක් රැදවූ ඔහුගේ දේහය බලන්නට දුරබැහැර ඥාතීන්ටවත් ලැබෙන්නෙ නැහැ.ඒ වගේම ඔහුගෙ දේහයට හෝ ඉන්පසුව ගෞරව දක්වන්න කිසිදු දේශපාලකයෙක් එන්නෙ නැහැ.. මොකද දේශපාලනයෙන් ඔහු හදවතින්ම සමුගැනීම..ඔහු ඡන්දෙන් පැරදී ගෙදර ගියා නොව ඡන්දයකට ඉදිරිපත් නොවී නික්මුණ දේශපාලකයෙක්..එයින් නික්මුණු එතුමන් සැදෑ සමය ගෙවුවේ බුදු දහම ඇසුරේ පමණයි.

ජිවත්ව සිටියදී පමනක් නොව ඔහු මෙලොවින් සමුගත් අවස්ථාවේ ද මුළු ලොවටම ආදර්ශයක් ලබා දී සමුගෙන ඇත.

වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ සරසවි වරම් ලද පලමු සිසුවා ඔහුයි.. දේශපාලනයට පෙර ඔහු දිසාපතිවරයෙක්..

U.B විජේකෝන් සැබවින්ම ලාංකික දේශපාලනයේ මා දුටු කොල නොව සුදු චරිතයයි.අන්තර්ජාලයෙන් හමු මේ නිහඬ විරුවා පිළිබඳ කතා පුවත මා මෙන්ම ඔබද අසා නැතුවා විය හැක. නමුත් මෙවන් උතුම් මිනිසුන් ද මේ පින්බිම තුළ ජීවත්ව සිට ඇත.

Exit mobile version