රටින් ආ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදී රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .

කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් එහි තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් පැමිණෙන්නට ඇති බව සඳහන් .

ඒ අනුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අඩංගු පාර්සල් 7ක් එලෙස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබේ .

Exit mobile version