රටේ නායකයා හරකෙක් උනත් කමක් නෑ . මන්ත්‍රීවරුන් 225 ම විලිලජ්ජා නැතිකම ගැන  කියයි. – සැබෑ අරගලකරුවන්

ශ්‍රී ලංකාවේ අරගලකරුවන් සහ එම අරගලය තුලින් බලසම්පන්න නායකයෙකු රටින් පන්නා දැමීමට කටයුතු කරන ලදී. එපමනක් නොව බලසම්පන්න රාජ්‍ය නායකයාගේ පවුලම බලයෙන් පහකර දමා ඔවුන් හොරුන් බව ලෝකයාටම පෙන්වා දීමට සමත් විය. ශ්‍රී ලංකාවේ අරගලය එතරම්ම ප්‍රබල විය . එසේම එය දැඩි සාමකාමී අරගලයක් බවට ලෝකයාම පිළිගෙන තිබු අතර ප්‍රසිද්ධියට පත්වීමට වඩාත් ආසන්නම හේතුව වුයේ ශ්‍රී ලාංකිකයන් සටන් කලේ තමන්ගේ කුසගින්න හේතුවෙනි. දේශපාලඥයන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ පුරවැසියන් ශ්‍රී ලංකාවේ අරගලයට වෛර කලත් අරගලකරුවන් සටන් කලේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ටම කිරීමට නොහැකි වූ දෙය මහජන අරගලයකින් කරන ලදී. සියලු නීතින්වලට වැඩ ඉහලින් තිබෙන්නේ මහජන අයිතිවාසිකම් බව පෙන්වා දීමට සමත් වූ ශ්‍රී ලංකාවේ අරගලය ලෝක ඉතිහාසයට එකතුව් තිබේ. මේ අරගලය දේශපාලනීකරණය වීම පිලිබදව සහ එහි ආදීනව මෙන්ම සත්‍ය අරගලයේ හඩ එලියට ගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කර තිබුනේ ඔවුන් සමග පැවති සාකාච්චාවකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක වූ ඔවුන් සදහන් කලේ ජනතාවිමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වන වසන්ත සමරසිංහ මහතා අරගලයේ වේදිකාවෙන් බැස්සුවේ ප්‍රථමවතාවට නොවන බවත්, අරගලයේ යෙදෙන්නේ එක් කොටසක් බවත්, මාධ්‍යවලට ඔලුව දමන්නේ තවත් කොටසක් බවත්, රටේ නායකයා විදියට හරකෙක් ආවත්කමක් නෑ හරි සිස්ටම් එකක් තිබෙනවා නම් බවත් , ඔවුන්ට රනිල් ආවත් එකයි, අනුර ආවත් එකයි බවත් මෙහිදී සදහන් කරන ලදී. සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.

Exit mobile version