රටේ නීතිය පාසැල් දරුවන්හට.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුල පවතින නීති පද්ධතිය පිළිබඳ දැනුම පාසැල් දරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි.

ඔහු සඳහන් කර ඇත්තේ පාසැල් තුල  සාමාන්‍ය පෙළ දරු දැරියන් සදහා නීතිය පිළිබඳ දැනුම ලබා දීමට යෝජනා වී ඇති බවයි.

ඒ මහතා වැඩි දුරටත් කරුණු දක්වමින් පවසා ඇත්තේ.

දැනට වසර 7 – 8ක් තිස්සේ අපි යෝජනා කරලා තියෙනවා රටේ මුලික නීති පද්ධතිය පිළිබඳ අධ්‍යයනය සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට ලබාදෙන්න. අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් අරගෙන සාමාන්‍ය පෙළ දරුවන්ට කාලපරිච්ඡේද 12ක් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන්න ඒ අදාළ අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කරන්න උපදෙස් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණේ 2023 දී ක්‍රියාත්මක කරන්න. මම දන්නේ නෑ හරියටම මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා ද කියලා. මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ නිර්දේශවලට අපි බලාපොරොත්තු වෙනවා ඇතුළත් කරන්න. මොකද රටේ හැම පුරවැසියෙකුට ම අවබෝධයක් තියෙන්න ඕනේ රටේ තියෙන මුලික නීතිය සහ තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවා ද ? කියලා. බොහෝදෙනෙක් අපේ රටේ දන්නේ නෑ තමාට තියෙන අයිතිවාසිකම් මොනවා ද කියලා. ඒ නිසා සමහර වෙලාවට දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා තමයි අපිට අලුත් නීති රැසක් පනවන්න වෙලා තියෙන්නේ.”

Exit mobile version