විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (28) රටේ සංවර්ධනයට වැදගත්ම කාරණයක් වන ජනමාධ්‍ය පිළිබද තම අදහස් ප්‍රකාශ කරමින් කරමින් රට බංකොලොත් කරන කර්තව්‍යයට මාධ්‍ය හවුල් නොවන ලෙස ඉල්ලීමක් ද කරන ලදී.
ඔහු එහිදී සදහන්වි කලේ වීදේශ කටයුතු ක්ෂේත්රය රට ආර්ථිකමය වශයෙන් බිදවැටුණු කාලවකවානුවේ එය නැවත නගාසිටුවීමට විශාල වශයෙන් දායක වන අතර විදේශ රැකියා සම්බන්ධයෙන්ද විශාල දායකත්වය ලබාදුන් බවයි.
රටක තිරසාර දියුණුවට, සංවර්ධනයට තීරණාත්මක හා වැදගත්ම සාධකයක් වන ජනමාධ්‍ය පිළිබද ඔහු දැක්වුයේ මෙවන් අදහසකි.රටේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය ආරක්ෂා කරගැනීමට පූර්ව ළමා වියේ සිටම මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බවයි.
එහිදී ඔහු තව දුරටත් සදහන් කලේ ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය පවා ඔවුන්ට ලැබී ඇති මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා වැරදි පුවත් වැරදි තොරතුරු සමාජගත කරන බවයි .රටේ පළමු පුරවැසියාගේ කතාව පවා “හිට්ලර්” වෙනස් කරල සමාජ මාධ්‍ය වලට අවශ්‍ය ආකාරයට සමාජගත කර ඇති බවද ඔහු සදහන් කරන ලදී. මෙමගින් සිදුවන්නේ යලි ගොඩනැගී එන සමස්ථ රට නැවත බංකොලොත් වීම බවත් මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් ජාතියට හානි සිදු කරන්නේනම් යහපත් රටක් බලාපොරොත්තුවෙන් සිටින යහපත් බුද්ධිමත් උගතුන් මාධ්‍ය සාක්ෂරතාවය වෙනුවෙන් එකතුවී ජාතියට හානිකරන මාධ්‍ය අවභාවිතා කරන.සමාජ මාධ්‍ය හරහා වැරදි පුවත් සමාජගත කරන ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන රට තුල මාධ්‍ය සාක්ෂරතාවය නැවත ගොඩනගන ලෙස ඔහු අවසන් වරට ඉල්ලා සිටියේය.
අපේ අදහස-
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයේ සඳහන් උනේ “තමන් හිට්ලර් වගේ යයි කීවට කමක් නැති බවයි”. කෙසේ නමුත් ඒ මහතා විසින්ම එසේ ප්‍රකාශ කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහට ලක් වීම ඔවුන් විසින්ම හිතා මතාම සිදුකල දෙයක් නොවේ. ජනාධිපතිවරයාගේ කතාව උපුටාගෙන පලකිරිමකි. ගෝලීයකරණය තුල සමාජ මාධ්‍යවල වැරදි පලවීම වැලක්වීමට නම් ශ්‍රී ලංකාවට අදාළ තාක්ෂනය ලැබීම නතරකල යුතුය. බොහෝ මුහුණු පොත් ඇතුළු නාලිකා ක්‍රියාත්මක වන්නේ විදේශ රටවල සිටය. කෙසේ නමුත් වචන භාවිතාවේදී ජනතාවගේ හැගීම් වලට අනුව තම කතා පවත්වන්නේ නම් මෙවැනි දේවල් සිදු නොවේ. අතීතයේ විපක්ෂය විසින් විනාශ කල රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය වෙනස් කරගැනීම සදහා දැඩි වෙසක් ගත යුතුව තිබේ . එබැවින් ඔහු කල යුත්තේ ක්‍රියාවන් සහ වචනද ප්‍රකාශ කිරීමේදී පරිසම් වීමය. එවිට සමාජ මාධ්‍ය හෝ අනෙකුත් වැසියන් නිහඩ වනු ඇත.
එසේම විදේශ රැකියා පිලිබදව තිබු ගැටලුව මනුෂ නානායක්කාර මහතා දැඩි කැපවීමකින් යුතුව විසදමින් සිටි. විදේශීය රටවල් වෙත මේ වන විට රැකියා සදහා පිටත්ව ගොස් සිටින පුද්ගලයන්ගේ දැඩි ප්රසංශාවක් ලැබෙමින් තිබේ. ඔහු මනාව එම කටයුතු කරමින් සිටි.
වර්තමාන ශ්‍රී ලංකාව ගොඩ නැගීම සදහා තම කටයුතු කල යුත්තේ නිහඩවය. හමුදාව හෝ පොලිසිය යොදවා යම් යම් මර්ධනයන් සිදුකරන බව ප්රාකාශ කිරීම පවා බරපතලය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ විට රටේ වැසියන් විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටි නමුත් අරගල භූමියට පහරදීමත් සමගම ඔහුට තිබු ජනතා ප්‍රසාධය අහිමි විය. එය රටක් ලෙස, රටට හිතැති මිනිසුන් ලෙස අප පවා ලද පරාජයකි. අතීත මර්ධනයන් වර්තමානයට ගැලපෙන්නේ නැත. ඉන් සිදුවන්නේ තව තවත් රට අරාජික වීම පමණි. රටේ ආරක්ෂක අංශ එදින පහර දීමක් සිදු නොකර, ඔවුන්ට ඉවත්වීමට ඉඩ හැරියේ නම් ජනාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල නොවේ. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා භාවිතා කල යුතුව තිබුනේ උපක්‍රමය. උපක්රමසීලී ලෙස රට වෙනස් කල යුතු අතර වමට ගසන්නා සේ සිට දකුණට ගැසිය යුතුය. ජාතිවාදය, ආගම්වාදය, උතුර වෙන් කිරීම වැනි දේ සිදුවීම තුල ඇති වීමට ඉඩ තිබෙන කෝලාහල වලින් රටට කිසිදු හිතකර දෙය සිදු නොවේ. නමුත් පරිපාලනය තුල සියල්ලම ස්ථාවර කරගැනීම උදෙසා විවිධ සමාජ මතයන් නිර්මාණය කරමින් අවශ්‍ය පාලනය ඇතිකරගැනීම දක්ෂ පාලකයෙකුගේ දැක්මකි. ඒ දැක්ම තුල මිනිසුන් මරා දැමීම , හිර කිරීම වැනි දේ සිදු නොවිය යුතු අතර විවිධ පක්ෂවලට චෝදනා එල්ලකිරීම ආදී විවිධ සමාජ මත ඉදිරිපත්කරමින් රට වෙනස් කිරීමට කටයුතු කරන්නේනම් එය යහපත් කටයුත්තකි.