රටේ පෞරාණික සම්පත් විනාශ කලවුන් නීතිය ඉදිරියට.

රටේ මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක නටඹුන් විනාශ කරමින් ,කැනීම් සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) උහන – ගල් ඔරුව කන්ද ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

  මෙසේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 48, 52 හා 54 යන වයස් කාණ්ඩයන්හි පසුවන්නන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු උහන පොලිසිය විසින් සිදු කරයි.

Exit mobile version