රටේ මල් කැකුළු විනාශ මුඛයට!

වයස අවුරුදු 13ක් වන දරුවෙකු බණ්ඩාරගම, නාමළුව ප්‍රදේශයේ වෙළඳසැලකට පැන මුදල් මංකොල්ල කෑමට අත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාර දරුවා වෙළඳසැල තුළට පැන වෙළඳසැලේ සිටි හිමිකාර කාන්තාවට පිහියෙන් පහර දී සොරකම් කිරීමට දැරූ උත්සහයේ දී ඇය එය වළක්වා ඇත.

අනතුරුව මෙම සැකකාර දරුවා පලාගොස් සැඟව සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පහරදීමට ලක් 33 හැවිරිදි කාන්තාවගේ උදරයට සහ දකුණු අතේ උර බාහුවට තුවාල සිදුව ඇත.

ඇය පොලිසිය වෙත සඳහන් කර ඇත්තේ අදාළ සැකකාර දරුවා මීට ඉහත දී අවස්ථා කිහිපයකදී ම මෙසේ වෙළඳසැලට පැමින මුදල් මංකොල්ල කෑමට උත්සහ කළ බවයි.

පොලිසිය ප්‍රකාශ කළේ අදාළ දරුවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දෙමාපියන් වෙත භාර දුන් බවයි.

රාවණා සටහන.

රටේ අනාගතය භාර ගැනීමට සිටින මේ පුංචි මල් කැකුළු මෙසේ විනාශ වීමට හේතුව ඒ පුංචි දරුවාද?නැත්නම් මේ සමාජය ද?මේ පාලන ක්‍රමය ද?මේ කුඩා දරුවා මේ තත්ත්වයට පත් වූ වගකීම ඒ දරුවාගේ දෙමාපියන්ගේ සිට සමස්ථ සමාජයම,රටම ගත යුතුව ඇත.තව දුරටත් මෙවන් විනාශයන් මේ දරු පරපුරට අත් නොවීමට අවශ්‍ය කටයුතු ඔවුන් වෙනුවෙන් සිදු කළ යුතු යුතුකම් නිසි ලෙස අදාළ බලධාරීන් විසින් සිදු කරතැයි අප සිතමු.

Exit mobile version