රටේ මිනිස්සු මරණයට කැප කර තවමත් ගසා කන ඖෂධ සංස්ථාව.

විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ඉල්ලමින් යාචකයන් සේ හැසිරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ප්‍රධානීන්ගේ වංචා දූෂණ වල අඩුවක් නම් දක්නට නෑ. බෙහෙත් පෙත්තේනුත් ගසාගෙන කන දූෂිත රාජ්‍ය සේවකයන් තවමත් උඩ දමා පයින් ගසන්නේ අපේ රටේ අසරණ මිනිසුන්ගේ පස්සා පැත්තටය.


“අඩු මුදලට ඉන්දියන් ණය ආධාර යටතේ ප්‍රතික්‍රීයක ගැනීම අත් හිටුවා, වැඩි මිලට ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට සැරසෙන ඖෂධ සංස්ථාව”.


රුධිර කැටි ගැසීම පිළිබද පරීක්ෂණයක් සදහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සදහා ඖෂධ සංස්ථාව විසින් පසුගිය අගෝස්තු මාසයේ කැදවූ ටෙන්ඩරය (Tender Ref: DHS/ICL/X/RL/30/22 Closed on 08.08.2022) වසා දමා, එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිල දී ගැනීම සදහා නැවත එම සංස්ථාව විසින්ම, නොවැම්බර් තුන් වැනිදා ටෙන්ඩරයක් (Reference DHS/RL/145NK/21 Closing on 03.11.2022) කැදවා ඇත.


ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල් වල එම පරීක්ෂාව කල නොහැකි තත්වයක් තිබියදී, වලංගු කිරීමේ පරීක්ෂණ සිදු නොකර කල් හරිමින් සිට ටෙන්ඩරය අහෝසිකොට ඇත. ඖෂධ සංස්ථාවත්, නියාමන අධිකාරියත්, අදාල වලංගු කිරීමේ ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සිටින විශේෂඥයින් බොරු කඹ ඇදීමක් පෙන්වා, තමන්ට අවශ්‍ය සමාගමට අවස්ථාව ලැබෙන තුරු මෙලෙස ටෙන්ඩට කැනසල් කිරීම සහ නැවත පල කිරීම සැලසුම් සහගත හොරකමක එක් අදියරයක් වුවද, කිසිදු විමර්ෂණයක් හරහා එම වර්ගයේ තාක්ෂණික හොරකම් හෙලිදරව් නොවීම සෞඛ්‍ය සේවාවේ බොහෝ හිගයන් ඇතිවීමටත්, අනවශ්‍ය මිලක් ගෙවීමටත් හේතු වී ඇත.


මෙහි පළමු ටෙන්ඩරය මගින් ඉන්දීය ණය ආධාර භාවිත කොට ප්‍රතික්‍රීයක ලබා ගැනීමේ හැකියාව පවතින අතර, ඉතා අඩු මුදලට, ඩොලර් හිගය මග හරවමින් අඛණ්ඩව ප්‍රතික්‍රීයක ලබා ගැනීමට එමගින් අවස්ථාව සැලසේ.
එම ටෙන්ඩරය අහෝසිකොට නැවත පලකල ටෙන්ඩරය, ඉන්දීය ණය ආධාර භාවිත කිරීමට නොහැකිවනන්ලෙස පලකර ඇති අතර, ඒ හරහා රටේ ඩොලර් අර්බුධය වර්ධනය වන අතර, දෙගුණයකට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වේ. අඛණ්ඩ සැපයුමටද ඒ හරහා විශාල භාධා මතුවෙන නමුත්, තීරණ ගන්නා බලධාරීන්ගේ කොමිස් ලාභය පමණක් සැලකිල්ලට ගනිමි සිදු කරනු ලබන මෙවැනි තාක්ෂණික හොරකම් වැලැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිවෙක් හෝ ඉදිරිපත් නොවීම බරපතල කරුණකි.

Exit mobile version