රටේ 80,000 කට වතුරත් නැති කපලා. ඇමැතිවරුත් 11 කුත් පොලු තියලා.

විදුලි බිල නොගෙවීම නිසා විදුලි සම්බන්ධ ලක්ෂ ගණනාවක් විසන්ධි කර තිබේ. ඒත් එක්කම ජල පාරිභෝගිකයින් 80,000කට අධික පිරිසකගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලක්ෂ 30ක් පමණ වන ජල පාරිභෝගිකයින්ගෙන් 80,970 දෙනෙකුගේ ජල සැපයුම් විසන්ධි කර ඇති බව සදහන් වන අතර ගෘහස්ත පාරිභෝගිකයින් 63,150 ක්ද,  ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820ක් බව ද වාර්තා වේ.

ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909ක් ,

ජල ගාස්තු නොගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 6,118ක් ද මණ්ඩලයට අය කරගත යුතුව පවතින බව ද සඳහන්ය.

එසේම රෝහල් මඟින් රුපියල් මිලියන 182ක් ද පාසල් මඟින් රුපියල් මිලියන 175ක් ද හමුදාව සහ පොලීසිය මඟින් රුපියල් මිලියන 116ක් ද ඇතුළුව ජල සම්පාදන මණ්ඩලය හිඟ වාරික අය කරගත යුතුව පවතී.

එසේම ඇමැතිවරුන්ගේ නිල නිවාස 11ක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකද  සඳහන් වේ.

25% ක් ගෙවා නැවත ජාල සම්බන්ධතාවය ලබා ගත හැකි බවද, මණ්ඩලය ප්‍රකාශ කරයි.

Exit mobile version