ශ්‍රී ලංකාව ගිනිතැබීමේ මහ මොලකකරු වන්නේ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බව කවුරුත් දන්නා දෙයකි. එම ප්‍රහාරය වැළක්වීමේ ඉහලින්ම සිටින වගකිව යුතු රාජ්‍ය නිලධාරියා වන්නේ ඔහු බව ටද ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමිෂමද නිර්දේශ කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවද මේ බව පසුගියදා අධිකරණයට වාර්තා කලේ දේෂබන්දුට එරෙහිව පොලිස්පති කටයුතු නොකරන බවයි.
මේ කටයුතු මෙසේ සිදුවෙද්දී අද (04) පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් දේශබන්දුට පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට මහජන සහාය ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා පොලීසිය විනාශවන්නේ මේ කරුණු නිසාමය. මැයි 9 වැනිදා රට ගිනි තැබීමේ ප්‍රධාන චුදිතයා වන්නේ නීතියට අනුව ඔහුය. ඔහුට විරුද්ධව ක්‍රියාත්මක නොවන නීතිය ඔහුට පහරදුන් පුද්ගලයන් සොයා යාමෙන් සවුත්තු වන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම වේ.
ඔහුට පහර දෙන වීඩියෝව (පහරදීමක් නිසා සුරක්ෂිත කර තිබේ)
එසේම මහජනතාවට පහර දුන් පුද්ගලයන් මෙන්ම සිරස මාධ්‍යවේදීන්ට පහර දුන් පොලිස් නිලධාරින්ටද නීතිය ක්‍රියාමත්මක කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය සුරැකීම පොලිසියේ ප්‍රථම රාජකාරිය විය යුතුය. එසේ නොකර තමන්ට අවශ්‍ය පුද්ගලයන් පමණක් අත් අඩංගුවට ගැනීමෙන් අපට පෙනෙන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ කටයුතු “ කාන්තාවන්ගේ කටයුතුවලටත් වඩා දුර්වල” බවයි. එයින් සිදුවන්නේ නැවතත් ඔවුන්ට විරුද්ධව මහජන කැළඹීමකි. එය නැවත වරක් රාජ්‍යයේ බිදවැටීමක් දක්වා වර්ධනය විය හැකිය. එබැවින් “අතීසාරෙට අමුඩේ ගසා”, “ මුත්‍රා වලින් පස්සා පැත්ත සේදීම” වැනි තුට්ටු දෙකේ වැඩ කිරීම දැන්වත් නැවැත්වීමට කටයුතු කිරීම සහ කරවීමට බලකිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ විශිෂ්ඨ නිලධාරින් කටයුතු කල යුතුව තිබේ.
මාධ්‍යවේදීන්ට පහර දීම