අප නිරන්තරයෙන්ම ලියන්නේ සහ කතා කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම කටයුතු කරනුයේ නීතියට පිටින් බවයි. ඊටත් අමතරව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ඉතාම වැදගත් නිලධාරීන්ට තම රාජකාරිය පවා නිසි ලෙස සිදුකිරීමට නොහැකිව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින දේශපාලනය කරන පොලිස් නිලධාරීන් නිසාය. ඔවුන් කටයුතු කරනුයේ දේශපාලන වුවමනාවන් මත පමණක් වන අතර නිතිපොත පසෙක දමා ඔවුන්ගේ සිතැගි පරිදි කටයුතු කරන නිලධාරීන් නිසාම රට ගිනි ගන්නේ පසුගිය මාර්තු මස 31 වැනිදාය.
මේ සිද්දීන් අතර ජනතාව නැගී සිටියේ වෙඩි කාගෙනය. කොතරම් වෙඩි තැබුවත් පීඩාවට එරෙහිව ජනතාව නැගී සිටියේය. ඒ සිද්ධීන් අතර රඹුක්කන වෙඩි තැබීමක්ද සිදු වූ අතර එහිදී සියල්ලම සිදුව තිබුනේ පොලිසියට එරෙහිවය. අපට ලැබුණු සියලුම වීඩියෝ දර්ශනවලින් දකින්නට තිබුනේ සාමකාමීව සිටි ජනතාවට පොලිසිය වෙඩි තබා ප්රකෝපකර වූ බවයි.
(රබුක්කන සිදුවීම පිලිබදව ඇති වීඩියෝවක් . සංරක්ෂණය කර ඇත. බැලීමට අවශ්‍ය නම් මුලට ගොස් බලන්න )
පසුගිය අප්‍රේල් 19 වන දා රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම් හල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවක් පවත්වමින් සිටියදී මෙම සිද්ධිය වූ අතර එහිදී පොලිස් වෙඩි තැබීමෙන් රඹුක්කන, හිරිවඩුන්න, නාරංබැද්ද, කරදගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි කේ.ඩී. චමින්ද ලක්ෂාන් නමැති 42 හැවිරිදි දෙදරු පියා ජීවිතක්ෂයට පත් වී තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු පමණ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි.
ඒ අනුව අත් අඩංගුවට පත් වූ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කෑගල්ල මහ අධිකරණය නියෝග කර තිබෙන අතර මේ වන තෙක්ම ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
එදින සිදු වූ පුවත අප වාර්තා කල ආකාරය