රට ගොඩනැගීමේ වගකීම බාරගැනීමට අනුරගෙන් හා සජිත්ගෙන් කොන්දේසි

විපක්ෂ නායක ස.ජ.බ පා.ම සජිත් ප්‍රේමදාස මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් වන්නේ නම් පමණක් අගමැතිකම භාරගන්නා බව විපක්ෂයේ ප්‍රදාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ අතරබ්වත්මන් දේශපාලන අර්බුදය අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාර ගැනීමට ජාතික ජන බලවේගයද සුදානම් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ මොහොතේ පැවැත්වෙන එම පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මැතිවරණයක් සඳහා මේ මොහොතේ යෑමට ඉඩකඩ නොමැති බැවින් කරුණු දෙක මත පදනම්ව තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස මෙය යෝජනා කරන බව ද අනුර කුමාර මහතා කියා සිටියේය.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය විසඳීම සඳහා පහත දැක්වෙන කරුණු කිහිපයට අදාළව ජාතික ජන බලවේගය විසින් යෝජනාවලියක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

  1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධූරයෙන් ඉවත් විය යුතුයි.
  2. දැනට ඇමතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා තාවකාලිකව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතුයි.
  3. වර්තමාන ආණ්ඩුවත්, වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින් ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින් ද මාස 6ක් තුළ නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිට විය යුතුයි.
  4. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස ක්ෂණික මැතිවරණයක් සඳහා යෑමට නොහැකි නම් ඒ කාලය සඳහා රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව.
Exit mobile version