ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.
පාරක් පාරක්ගානේ රස්තියාදු වෙලා උත්ගොසන විරෝදතා කරලා පෙත්සම් අත්සන්කරලා කාලය කදමලා රට හදන්න බැරි බව පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.
ගල්කිරියාගම නාමල් උයනේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කල අතර සියලුම ආගමික නායකයන්ටද පරිහානියට ගිය රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී විශාල කාර්ය භාරයක් සිදු කිරීමට ඇති බවයි.
උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කලේ කිසිත් නොදත් ඇතැම් පිරිස් මුහුණු පොතේ වීරයන් වී රගදක්වන බවත් රට යතා තත්වයට ගොඩ ගැනීමට නම් කාඩ්බෝඩ් වීරයන් නොවී වගකීම් තේරුම්ගෙන වගකීම් දැරිය හැකි සැබෑ වීරයන් වනලෙසයි