රට ගොඩ නගන්න ඉලක්ක නැතත්, අන්තර්ජාතික ගිවිසුමකට රට හිරකල හැටි

රට ගොඩනගන ඉලක්ක නැති ලංකාව අන්තර්ජාතික වෙනස් කල නොහැකි අන්තර්ජාතික ගිවිසුමට හිර කරලා.

රටක් හෝ ආයතනයක් ගොඩනගන්න නම් ඒ වෙනුවෙන් සැකසුණු ප්‍රතිපත්ති අවශ්‍ය වේ. එසේම කාලයෙන් කාලයට වෙනස් වන ප්‍රතිපත්ති පවා වෙනස් විය යුත්තේ රටක්, ආයතනයක් හෝ මිනිසෙක් යහපත් ලෙස දියුණු වන ලෙසිනි.

එවන් කිසිදු ක්‍රමයක් නැති ශ්‍රී ලංකාව IMF සමග ගිවිසුම් ගතව තිබෙන්නේ නැවත වෙනස් කල නොහැකි ලෙසිනි. එය යහපත්ද, අයහපත්ද යන්න අපට නොපෙනුනත් පාඩු ලබන රාජ්‍ය ආයතන වැනි දෑ විකිණීම සුදුසු ය. මහජනතාවට බරක් වන ආයතන පවත්වාගෙන යාමෙන් පලක් නැත.

කෙසේ නමුත් අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ආයතන රටේ යහපත් පැවැත්ම තීරණය කරන බැවින් එවැනි ආයතන විකිණීම රටේ විනාශය ඉක්මන් කරයි.

හෙටක් නොදකින රටක්, මහජනතාව දුක් විඳින දෙස අවධානය යොමුනොකර IMF – EFF වැනි ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර රටේ ඉදිරිපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය තීරණ නීතිගත කිරීමට පාලක පංතිය දැනුමෙන් සන්නද්ධව සිටියේ නම් රටේ ඉරණම ⁣මීට වඩා වෙනස් වන වීමට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ ප්‍රකාශ කලේ,
“මෙම දුෂ්කර සහ පටු මාවත ඔස්සේ ගමන් කිරීම අභියෝගාත්මක වුවද, මෙම මාර්ගයෙන් ඉවත්වීම මූල්‍ය පද්ධතියට සහ ආර්ථිකයට අහිතකර හා ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක ගෙන එනු ඇත.” යැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී එළිදැක්වූ නවතම වාර්ෂික වාර්ථාවේ දක්වා තිබේ.

ඒ කෙසේ වෙතත් රට යහපත් රටක් ලෙස ගොඩනගා පවත්වාගෙන යාමට අවශ්‍ය නීති අණපනත් සැකසෙන බවක් දක්නට නැත.

Exit mobile version