රට තුළට පරිවර්ථනයක් අවශ්‍ය කරන බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.
මෙවර ප්‍රධාන දේවමෙහෙය රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවති අතර ඉන් අනතුරුව අදහස් දක්වමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මේ පිළිබඳ සඳහන් කර ඇත.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමි සඳහන් කළේ රට දියුණු කිරීමට නම් රට තුළ විප්ලවකාරී වෙනසක් සිදු කළ යුතු බවයි.
එමෙන් ම පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව මේ වන තෙක් යුක්තිය ඉටුවී නොමැති බවත් එලෙස යුක්තියක් ඉටු නොවන්නේ ආත්මාර්ථකාමී හැඟීම් හේතුවෙන් වන බවත් කාදිනල් හිමි ප්‍රකාශ කර ඇත.