පන්නල ප්‍රදේශයේ කාන්තාවක් තෙමහල් ගොඩනැගිල්ලක් තුළ අමානුෂික ලෙස ඝාතනය කර ඇති පුවතක් වාර්තා වේ.
අද (17) පෙරවරු 03.30 ට පමණ අදාළ ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ.
එසේ අමානුෂික ලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට විශාල අපරාධ රැල්ලක් නිර්මාණය වෙමින් පවතින අතර මානුෂ්‍ය ඝාතන විශාල වශයෙන් වාර්තා වීම මෑත කාලීනව සිදු වෙමින් පවතියි.
ඊට හේතු වී ඇත්තේ රටේ සමාජ ක්‍රමයේ සිදුව ඇති දූෂණයන් ද රටේ ආර්ථික තත්ත්වය පහත වැටීම හමුවේ ජනතාවට පීඩා විඳීමට සිදුවීම හේතුවෙන් සිදුවන්නක් ද යන්න තවමත් සිතාගත නොහැකි රහසකි.
කෙසේ නමුත් මහජන ආරක්ෂාවට වගවිය යුතු නිලධාරීන් එක්ව මෙවැනි ක්‍රියා මැඩපැවැත්විය යුතු කාලය පැමිණ ඇත.