මෙරට තුළ කිසිද ආකාරයක තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත.
ඔහු පසුගිය දිනක බොරතෙල් හිඟයක් ඇති වීමේ අවධානමක් පවතින බව පැවසූ බවත් එය නැවතීමට කටයුතු කරන බවත් එයින් කිසිසේත් පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල්වලට බලපෑමක් ඇති නොවන බවත් පවසා ඇත.
මේ වන තෙක් මෙරට තුළ තෙල් හිඟයක් දක්නට නොමැති බවත් නිකරුනේ බිය වීම අවශ්‍ය නොවන බවත් තෙල් හිගයක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව කල්තියා ජනතාව දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.