පොලිසිය ප්‍රකාශ කරන්නේ මාස 03ක කාලයක් තුළ දී රටේ විවිධ ප්‍රදේශයන්ගෙන් වෙඩි තැබීමේ සිදුවීම් 26ක් වාර්තා වී ඇති බවයි.
මැයි මස 31 වනදා සිට මේ දක්වා සිදුකර ඇති වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇත.