රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළදී ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවත් ඔක්තෝබර් මස 01 වනදා සිට රට විවෘත කරන්නේ නම් ඒ වන විට රාජ්‍ය ආනයන හා ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට නව ක්‍රමවේද සකස් කළ යුතු බව ද මේ වන විට කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් එම අංශ දැනුවත් කර ඇති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මීට දින දෙකකට පමණ පෙර ජනාධිපතිවරයා විසින් රට විවෘත කළහොත් රට පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබා දී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තෙ.
වැඩි දුරටත් අදහස් දැක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52.3%කට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්පූර්ණ කර ඇති බවයි.
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සැමරුම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පැවැති ධජ පූජා වැඩසටහනට එක්වෙමින් ය.