රට නෙමෙයි බංකොලොත් – මහ බැංකුවයි බංකොලොත් .-ටානියා අබේසුන්දර

රට බංකොලොත් නැති බවත් ,මහ බැංකුව බංකොලොත් බවත් , අසාධාරණ බදු ගෙවීමට කිසිසේත්ම සුදානම් නැති බවත් චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල සාකච්ඡාවකට සහභාගී වූ ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ සභාපතිනිය ටානියා අබේසුන්දර සහ එහි ප්‍රධාන උප සභාපති ප්‍රසන්න ලියනආරච්චි ප්‍රකාශ කරයි.

එහිදී වැටුප් බද්ධ පිළිබදව අදහස් දැක්වූ ලාංකීය එක්සත් සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර ප්‍රකාශ කර සිටියේ කිසිදු සාධාරණයක් නොමැතිව අය කරන අධික බද්ධ ගෙවා ගැනීමට නොහැකි බවයි .සාධාරණ බද්ධක් අය කරනවා නම් තමා බදු ගෙවීමට සුදානම් බවත් කිසිදු සාධාරණයක් නැතිව පනවා ඇති අධික බද්ධ ගෙවීමට තමා සුදානම් නොමැති බවත් කියයි.

එමෙන්ම වැඩි දුරටත් ඒ පිළිබදව අදහස් දැක්වූ සභාපතිනිය ප්‍රකාශ කළේ සෑම රටකම බදු අය කිරීම සිදු කරන බවත් එම බදු මුදල් තමා ලබන වැටුපට සාධාරණව අය කරන බවත්ය .එමෙන්ම එම ලබා ගන්නා බදු මුදල් රටේ සුබසාධනය පිණිස අය කරගන්නා බවත්ය .

නමුත් මෙරටේ ජනතාව ලබන වැටුපට සාපේක්ෂව අය කරන බදු මුදල් ජනතාවට දරා ගත නොහැකි බදු ප්‍රමාණයක් බවයි ඇය පවසා සිටියේ . එමෙන්ම අය කරන බදු මුදල් වලින් රටේ කිසිදු සුභසාධනයක් වී නොමැති බව ඇය චෝදනා කරයි.

රටේ ව්‍යාපාර පිළිබදව අදහස් දැක්වූ ලාංකීය එක්සත් සන්සධයේ ප්‍රධාන උප සභාපති ප්‍රසන්න ලියනආරච්චි ප්‍රකාශ කර සිටියේ මේ වන විට රටේ සියලු ව්‍යාපාර බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවයි.රටේ නිෂ්පාදන ආර්ථිකය බිද වැටුණු විට රටට ආදායමක් නොලැබෙන විට රජය අපේක්ෂිත බදු මුදල් ගෙවන්නේ කෙසේ දැයි ඔහු චෝදනා කරන ලදී .ඔහු වැඩි දුරටත් පැවසුවේ රටේ තීරණ ගත යුත්තේ රට පවත්වාගෙන යාමට මිස රටක් අරාජිත කිරීමට නොවේ යන්නයි . ගිය වසරට වඩා රුපියල් කෝටි 92, 200 ක බදු මුදලක් 2023 වර්ෂයේ ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කරන ලදී .මෙම පනවන අධික බදු ප්‍රමාණයන් ගෙවීමට නොහැකි බවත් බදු සදහා සාධාරණ අනුපාතිකයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහු පැවසිය .

එමෙන්ම ඔවුන් කියා සිටියේ ව්‍යවසායකයන්ට ව්‍යාපාර කරගෙන යාමට හැකි සුදුසු නීති රීති පද්ධතියක් ගොඩනගන ලෙසත් ,ණය ගෙවීමට හැකි වන අයුරින් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් සාධාරණ බදු අනුපාතිකයක් ප්‍රකාශයට පත් කරන ලෙසත්ය .එමෙන්ම රටක ගන්නා සෑම තීරණයක්ම බලපානු ලබන්නේ ජනතාවට බවත් ඔවුන් අවසාන වශයෙන් ප්‍රකාශ කරන ලදී.

වැටුප් බද්ධ සහ රටේ ව්‍යාපාරික තත්ත්වය පිළිබද වැඩිදුර කරුණු දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න.

Exit mobile version