ශ්‍රී ලංකාවේ තිබෙන ආර්ථික ගැටළුවලට විසදුම් ලබා දීම සඳහා රජය හෝ ඊට පිළිතුරු ලබා දිය යුතු කිසිදු රාජ්‍ය නිලධාරියෙකු මේ වන තෙක්ම සැලසුම් ඉදිරිපත් කර නැත.
එහෙත් රට පුරා විසිරි සිටින බොහෝ තරුණ පිරිස් තමන්ට හැකි අයුරින් විවිධ වගා කටයුතු ආරම්භ කර තිබේ. ඉඩම් හිමි පුද්ගලයන්ගෙන් විවිද ක්රමයන් ඔස්සේ මුදු ඉඩම් ලබාගෙන එම කටයුතු ඔවුන් සිදුකරමින් සිටි. කෙසේ වුවත් බොහෝ තරුණ මෙන්ම වැඩිහිටියන්ට ඒ සදහා විශාල බාධක තිබේ. මුඩු ඉඩමක් ලබා ගෙන ල්බනේ ආදායමෙන් කොටස් ලබා දීම, එසේම පොහොර ආද්දිය ලබා දෙන උදවියට ආදී විවිධ කොටස් ලැබෙන අයුරින් ඔවුන්, ඔවුන්ට හැකි අයුරින් කටයුතු සිදුකරන බව වාර්තා වේ.
නමුත් පොහොර, වගා බිම් සුද්ධ කිරීම සදහා යන්ත්‍ර සුත්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම ආදී විවිධ ගැටළු වලටද ඔවුන් මුහුණ දී සිටිති. මෙසේ විවිධ වගා කටයුතු සිදුකරනුයේ රජයෙන් වැටුප් නොලබන කම්කරු පන්තියේ ජනතාවගේ දරුවන් වීමද විශේෂයකි. රජයක් ලෙස මෙන්ම ඒ වෙනුවෙන් කැපකළ යුතු සියලු රාජ්‍ය සේවකයන් ලජ්ජාවිය යුත්තේ බදු ගෙවන ජනතාවම තමන්ගේ කටයුතු සිදුකරමින් සිටියදීත් ඒවාට පිළිතුරු හෝ යම් සහනයක් හෝ ලබා දීමටවත් ඔවුන්ගේ ඔළුගෙඩි වලට තවමත් නොදැනීම නිසාය .