මාස ගණනාවක සිට ශ්‍රී ලංකාවට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය නිසා ජනජීවිත විශාල ප්‍රමාණයකට පිඩා එලව තිබේ. අවතැන් වීමට වඩා, කෘෂිකාර්මික ජනතාවගේ කෘෂිකර්මාන්ත විනාශව යමින් තිබේ. එයින් ඉදිරියේදී සිදුවන්නේ එම ජන ජීවිත තව තවත් ආර්ථික වශයෙන් කඩා වැටීමයි.
මේ වන විට ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 04 ක් අඟල් 13.2 ක බැගින් ද, දොරටු 02 ක් අඩි 1 ක බැගින්ද විවෘත කර තිබෙන අතර ඉන් මුදාහැරෙන ජල ප්‍රමාණය තප්පරයට ඝන අඩි 6400 ක් වේ. ඒ අතර ජලාශය අවට ජනතාව අවධානයෙන් පසුවන්නැයි ජලාශයේ කාර්යයේ නියුතු කාර්යභාර නිලධාරී දන්වා තිබේ.
එසේම ජලගැලීම් හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර ඇති අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.
එසේම ඉගිනියාගල ජලාශයේ ද වාන් දොරටු විවෘත කිරීම නිසා ගල් ඔය ව්‍යාපාරයේ පහත බිම් යටවීමේ අවධානමක්ද ඇතිව තිබේ.
එසේම බදුල්ල ප්‍රදේශයේ නාය යාම නිසා කොළඹ – බදුල්ල මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිරව තිබේ. එසේම රට පුරා, විශේෂයෙන්ම මධ්‍යම කදුකරයට අයත් තවත් ප්‍රදේශ ගණනාවකම නායයාම් ආදී නිසා ජනජිවිතවලට පිඩිත ක්‍රියා සිදුව තිබේ.