රට පුරා හිංදු පූජක හමුවක්

කදුරට හිංදු පුජකවරුන්ගේ 18වන වාර්ෂික හමුව 23වන දින කොටගල උත්සව ශාලාවේදි පැවැත්විනි.


මෙම හමුව සදහා කදුකරයේ මෙන්ම ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශවල හිංදු පුජකවරුන් 200ක් පමන එක්වන බවත් මෙහිදි වතු කම්රුවන් ලංකාවට පැමින වසර 200ක් ගතවිම පිලිබදව සැමරුමක් සිදු කරන බවද එම පුජක සංගමයේ සභාපති ශ්‍රිවශ්‍රී වේළු සුරේෂ් සර්මා පුජක තුමන් පවසන ලදි.


එමෙන්ම මෙම වසර දෙසියක කාලය තුල මිය ගිය හිංදු පුජකවරුන් හිංදු දේවාලවල සේවය කල සියළු දෙනාට පිං පැමිනවිමට පියවර ගන්නා බවද වේළු සුරේෂ් සර්මා පුජකතුමන් වැඩි දුරටත් පවසන ලදි.


මෙම හමුව නිමිති කර ගෙන කොටගල නගරයේ හිංදු භක්තිකයන්ගේ පෙරහැරක්ද පැවැත්විනි.

Exit mobile version