ශ්රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේ, බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද කටයුතු කල බව පවසා තිබේ.
ඒ අනුව රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ එදා යහපාලන ආණ්ඩුවේ සිටි වත්මන් සමගි ජන බලවේගයේ නායකයින් සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7%ක් වුවද, යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට පහළ ගොස් තිබූ බවත් , ආර්ථීක වර්ධන වේගය එලෙස පහළ වැටීමට වගකිව යුත්තේ සමගි ජන බලවේගය මෙන්ම එවක යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් බවයි නාමල් රාජපක්ෂ රාජපක්ෂ අවධාරණය කර සිටී.
2019 වසරේ ජනාධිපති ධුරය සඳහා තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්රතිපත්ති ප්රකාශනය මගින් ප්රතිඥා දී තිබූ බවත් එය ඉටුකළ බවත් ඔහු පවසා සිටි අතර ඒ අනුව ජනාධිපතිවරණයේ දී ලැබුණු ජනවරම අනුව ක්රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සමගි ජන බලවේගයෙන් ප්රශ්න කරන බවත් නාමල් රාජපක්ෂ විමසා තිබේ.