මෙම වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින් හට නිත්‍යානුකුලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක වේ.
එසේම නිත්‍යානුකුලව ඉවත් වීමට පෙර ඔවුන්ගෙන් යම් මුදලක් අයවීමට ඇත්නම් එම මුදල් ගෙවා ඉවත් වියයුතු බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මීට අමතරව මේ වන විට විශාල පිරිසක් නිත්‍යානුකුලව යුධ හමුදා රාජකාරිවලින් ඉවත් නොවී සමාජයට මුහු වී සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයින් විවිධ විෂමාචාර ක්‍රියාවල ද නිරත වී සිටින බව වාර්තා වේ.