13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිම දිනක බලාත්මක කිරීමට ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවම එකග වුවත් මහා සංඝ රත්නය එයට ඉඩ නොතබන බවත් මහා සංඝයා එයට සංපූර්ණ විරුද්ධ බවත් රනිල්ටහෝ විග්නේශ්වරන්ට ඕනි ඕනි විදිහට පෙඩරල් ඇතිකරන්න අවොත් මේ රට ලේ විලක් වන බව නැවත්විය නොහැකි බවත් 13 එරෙහිව සග සමුළුවේ සාමාජික උලපනේ සුමංගල හිමි හා අක්මීමන දයාරත්න හිමි ප්‍රකාශ කරයි.
උන්වහන්සේලා මේබව ප්‍රකාශ කලේ ප්‍රවීණ මාද්යවේදී චමුදිත සමරවික්ක්‍රම සමග පැවති සාකච්චාවකදීය. එහි දී උන්වහන්සේලා තව දුරටත් පවසා සිටියේ රටේ ජනතාව අන්ත අසරණව සෑම අතින්ම මිරිකී දුක් විදින අවස්තාවක 13ක් ගැන එල්ලෙමින් සිටීම නොකළ යුතුබවයි. මේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් විසදුම් සෙවිය යුතු කාලයක් බවයි.
තවද දසදහසක් වෙහර විහාර තිබෙන හා තිස් දහසක් මහා සග රුවන වැඩ සිටින රටක වෙහර විහාර කිහිපයක් හා හිමිවරුන් කිහිප නමක් මුල් කරගෙන කරණ කියන වැරදී වලට සමස්ථ සාසනයටම ගැරහීම පිළිනොගන්නා බවත් එලෙස කිරීමට කණ්ඩායම් බලාසිටින බවත් එසේ ප්‍රකාශ කිරීමෙන් සග රුවන ජාතියට ආගමට කවදත් කොතනදීත් නැගීසිටීම නැවත්විය නොහැකි බව ප්‍රකාශ කරන ලදී.
එසේම කල්ලතෝනි විග්නේශ්වරන්ලා ඩොලර් වලට කෑදරව ජාතියක් ජම්මයක් නැති ව කොළඹ සැප විදිමින් උතුර ගැන පෙඩරල් ඉල්ලන්නේ ඩයස් පෝරාවේ ඩොලර් වලට කෑදරව බව උන්වහන්සේලා ප්‍රකාශ කරයි.
අවසාන වසයෙන් උන්වහන්සේලා ප්‍රකාශ කලේ රනිල් යනු රාජපක්ෂලාට ආරක්ෂාවට අටවපු ජනපති බවත් ඔහු විසින් 13 ගෙනාවොත් රට ලේ විලක් වන බවත් එසේ කළහොත් ජනපති ඇතුළු ලොක්කන්හට උන් හිටි තැන් අහිමි කරණ බව හා රනිල්ට යන එන මන් නැති කරණ බවත් දැනගත යුතුබවය.