1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබූ, ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් කල ජනතාව දේවත්වයෙන් සලකමින් වන්දනා මාන කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට දී තිබේ.
2005 වසරේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූ ඒ මහතා නව පනතක් මගින් තමන්ගේ බලය වැඩි කර ගත්තේය. එසේ වැඩි කරගත් බලයත් සමග 2006 අංක 49 දරන ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය හදුන්වා දෙමින් විගනකාධිපතිගේ බලය බින්දුවට බස්සමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට හොරකම, දූෂණය සහ වංචාව හදුන්වා දුන්නේය. ඉන් අනතරුව 2007 වසරේ සිට තමන්ට අවශ්‍ය අය මෙන්ම තමන්ට දේශපාලන ජීවිතයේ හමු වූ මෙන්ම තම පවුලේ නෑදා හිතවතුනට අවශ්‍ය ලෙස රාජ්‍ය සේවයේ විවිධ තනතුරු ලබා දෙමින් රාජ්‍ය පරිපාලනයේ සුදුස්සන්ට සුදුසු ස්ථානය මෙන්ම සුදුසු අකාරයෙන් උසස්වීම් ලබා දීමේ ක්‍රමය පවා වෙනස් කරමින් සමස්ත පද්ධතියම දූෂ්‍ය කළේය.
එසේම මුදල් සමාගම් වලට මෙන්ම රක්ෂණ සමාගම්වලටද අසීමිත බලයක් ලබාදෙන පනත් රාශියක් ඇතිකරමින් රාජ්‍ය සේවකයන්ට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවටද බැංකු ආදී ස්ථානවලින් ණය ලබාගනිමින් ජීවත් වීමට දිරිමත් කළේය. ඒ අතරේ රට තුල තිබු කාර්මික ජනපද මෙන්ම ඇගලුම් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් රටට අහිමිකරමින් ජනතාවට තන්හාව ඇතිකරමින් අවශ්‍යතා වැඩි කළේය. ඉන් එන්න එන්නම රට අන්ත දූෂිත වූ අතර ඒ අතරේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියට පමණක් වැටුප් වැඩි කරමින්, වාහන ආදී සදහා බලපත්‍ර ලබාදෙමින් සාමන්‍ය රාජ්‍ය සේවය තුට්ටු දෙකට දමමින් සමස්ත පද්ධතියම බලය මත රඳවාගෙන සිටියේය. ඒ අතරේ පාසල් ගුරුවරුන්ද අමතර පන්තිකරමින් පාසල් අධ්‍යාපනයද විනාශ කළේය. මහපරිමාන ව්‍යාපෘති ඇතිකරමින් දූෂිත ව්‍යාපාරිකයන් කොටසක් රටට දායාද කල අතර ශ්‍රී දළදා මාලිගාව සමග අනෙකුත් ශ්‍රී ලාංකික උරුමයන් විනාශ වන ලෙස කටයුතු කරමින් මිනිසුන්ගේ ආගමික ලබ්දියද විනාශ කර දැම්මේය.
කෙසේ නමුත් ඔහු යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දුන්නේය. නමුත් ඉන් අප ලැබූ ජයග්රහනයක් නැත. නැවතත් වාර්ගික ගැටළු ඇතිවන ලෙස එහි ගින්දර මතුවෙමින් පවතී. ඔහුගේ කාලය තුල එනම් 2005 න් පසු ආරම්භ දැවැන්ත මාර්ග ඉදිකිරීම් අවුරුදු 20ක් සම්පූර්ණ වීමටත් පෙරම විනාශ වී තිබේ. තව බොහෝ සත්‍යයන් අපට ලිවිය හැකිය.
රටේ ජනතාව දැනගෙන නොසිටි සැබෑ තත්වය හදුනාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ජනතාවට හැකි වූ අතර, ජනතාව වන්දනා කල ජනතා නායකයා රට ගිනි තබමින් පසුගිය මැයි මස 9 වැනිදා තම ජනතා මන්ධිරයෙන් පලා ගියේය. කෙසේ නමුත් රාජපක්ෂ පවුලම මෙම ආත්මයේ වාසනාවන්ත පවුලකි. ඒ පවුලට වසනාව ගෙන ආ මිනිසා වන මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ අතවැසි ජනතාව තවමත් නිහඩව ජීවත් වීමට ඉඩ හසර ලබා නොදෙන බව පැහැදලිය. 2015 පැරදී සිංහයෙක් ලෙස වීරකැටියට ගියත් නැවතත් ඔහුගේ බල ලෝභී ජනතාව ඔහු ඇතුළු සමස්ත රාජපක්ෂ නාමයම විනාශ කර දැමුවේය.
කෙසේ නමුත් සැගව ගොස් නැවත මතු වූ මව් බිමේ යතාර්ථ එය වන අතර ඒ මහතා වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරනුයේ නිදුක් නිරෝගී ලෙස තම ඉදිරි කාලය ගත කිරීමට ශක්තිය ලැබේවා යන්නයි.