රට වැනසූ විධායක පන්තිය හෙට ලෙඩවෙති.

ශ්‍රී ලංකාව විනාශ කළ බවට ලාංකික ජනතාව දොස් තබන්නේ දේශපාලන අධිකාරියට පමණි. නමුත් රට වැනසීමේ කටයුතු වලින් 75% ක්ම සිදු කර තිබෙන්නේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගෙන් 80% ක්‌ පමණ කොටසක් විසිනි. මහින්ද රාජපක්ෂ රජය මගින් සිදුකරනු ලැබූ දූෂණයට අත වැනු පනත් වලින් වංචා දූෂණ ඇතුළු අත යට ගණුදෙනු සිදුකලේ ශ්‍රී ලංකාවේ විධායක නිලධාරීන් විසිනි. මහින්දට වදිමින් ඔහුව දිගින් දිගටම රජ කිරීමට කටයුතු කළ ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් තල පවා මහින්ද විසින් නිර්මාණය කළේය. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට දහස් ගණන් වැටුප් වැඩි කරද්දි සාමාන්‍ය රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සොච්චමක් වැඩි කලේ මහින්ද විසින් 2006 දීය.

එසේම ඔවුන්ට තීරු බදු රහිත වාහන මෙන්ම දුරකථන වියදම්, ඉන්ධන වියදම් ඇතුළු සියලු නොදිය යුතු වරප්‍රසාද ලබා දුන්නේද මහින්දය. මහින්ද සුළග සමග මෙරට විනාශ කලේ විධායක පන්තියේ නිලධාරීන්ගෙන් 80% ක්‌ පමණ 2015 තිබු යහපාලන රජයට එරෙහිව වැඩ කරමින් මහජනතාවට එම රජය එපා කරවන ලදී. ඔවුන් ගෝටාභය රජ කෙරෙව්වේය. මෙරට මහජනතාව නොදත් කරුණ වන්නේ ඔවුන්ට සිදුවන සියලු අසාධාරණ මෙන්ම අකටයුතුකම් වලට වගකීව යුත්තේ දේශපාලනයන් නොව රාජ්‍ය සේවකයන් බවයි. නමුත් ඉන් 20% ක්‌ පමණ දේශපාලන අධිකාරිය විසින්ද වැරදි අණ පනත් සකසා තිබේ . නමුත් විධායක පන්තිය තීරණ ගත යුත්තේ දේශපාලන උවමනාවන් මත නොවේ . ඔවුන්ට පවරා ඇති නීතියට අනුව ඔවුන් වැඩකළ යුතුය. ඔවුන් එය නොකළේය. ඔවුන් ඒ වෙනුවට ආණ්ඩු නිර්මාණය කරමින් රට වනසන ලදී.

කෙසේ නමුත් මේ රට වැනසූ එම පන්තිය හෙට (8) ලෙඩ නිවාඩුය. උදේ 10.00 ට කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ඒ සඳහා රජයේ සේවාවන් 18 කට අයත් වෘත්තීය සංගම් සහභාගිවීමට නියමිතය.

රජයේ දෙපාර්තමේන්තු ගත සේවාවල විධායක නිලධාරීන්ට බලපා ඇති උසස්වීම් ගැටලුව විසඳන ලෙස රජයට බලකිරීම, රජයේ මාණ්ඩලික සේවාවල නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනෙන් පසුව ගෙවීමට ගත් කැබිනට් තීරණය ඉවත් කිරීම සහ උපයන විට බදු විධිවිධාන හේතුවෙන් සේවා නියුක්තිකයන්ට සිදුව ඇති අසාධාරණය ඉවත්කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන ඉල්ලුම් තුන මුල්කර ගනිමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

මෙතෙක් කල් රට වැනසූ ඔවුන්ටත් දැනෙන්නේ දැන්ය. වැඩ වර්ජන කරමින් මහජන බදුමුදලින් තමන්ගේ ඉල්ලීම් දිනාගත් ඔවුන් මේ වැඩ වර්ජනය කරන්නේද “මහජන බදු මුදලින් අපේ ඉල්ලීම් දියල්ලා” කියමිනි. ඒ හැර මෙරට බදු ගෙවන ජනතාවට ඔවුන් කළ සේවයක් නැත. එසේ තිබුනේ නම් අද ශ්‍රී ලංකාවට මෙවැනි ඉරණමක් අත් නොවේ. මාණ්ඩලික නිලධාරීන්ගේ මෙම වැඩ වලින් පෙනෙන්නේ මෙරට අභ්‍යන්තරය තුල තිබෙන ගැටළු තවමත් ඔවුන්ට නොදැනුනු බවය. රට ගොඩනැගීමට නම් ප්‍රථමව නැති බැරිකම් ඔවුන්ටද දැනිය යුතුය. එය සමාජ විද්‍යානුකූල පාඩමකි.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න

Exit mobile version