ශ්‍රී ලංකාව තනිකරම බෞද්ධ රාජ්‍යයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. 1505 පෘතුගීසින්ගේ ආක්‍රමණයත් ඉන් පසුවත් පැමිණි විදේශීය ආක්‍රමණ නිසා ශ්‍රී ලංකාව විවිධ ජාතීන්ගෙන් සහ ආගමිකයන්ගෙන් පිරි ගියේය. එය පසු කාලීනව වාර්ගික මෙන්ම ආගමික ගැටළුද නිර්මාණය කළේය.
කෙසේ නමුත් මෙරටට වැඩිම හානිය සිදුවන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. ඔවුන්ගේ ආභාෂය නිසා මේ වන විට බෞද්ධාගමද පිරිහෙමින් පවතින අතර සිංහල භාෂාවද විනාශවෙමින් පවතී. ශ්‍රී සම්බුද්ධ සාසනයම වැනසෙමින් පවතින්නේ හාමුදුරුවන් වහන්සේලා නිසා නොවේ. එලෙස වීමට අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් නිර්මාණය කිරීමට ඉංග්‍රීසි ජාතිකයන් සමත් වූ බැවිනි. එසේම වාර්ගික මෙන්ම ආගමික ගැටළුද වරින් වර නිර්මාණය වන්නේ ඉංග්‍රීසි ජාතිකයන් තමන්ගේ පාලන කාලය තුල ස්ථාපනය කරන ලද නීති අණපනත් නිසාය.
බුදු දහම විනාශ කිරීම සදහා ඔවුන් විහාර සහ දේවාලගම් ආඥා පනත හදුන්වා දුන්නේය. ඊට අමතර විවිධ ආකාරයේ නිකායන් වල හිමිවරුන් වෙනුවෙන් විවිධ නායක පදවි පිරිනමමින් බෞද්ධ දර්ශනයට පටහැනි ලෙස ගත කිරීමට අවශ්‍ය දර්ශනයක් හිමිවරුන්ට නිර්මාණය කර දෙන ලදී. ඊට අමතරව විහාර සහ දේවාල සඳහා බාරකරුවන් පත් කිරීමට නිලවරණයක් පැවැත්වීමටද අවශ්‍ය නීතිය සකසන ලදී. ඒ සමගම බොහෝ ආගමික පසුබිම් වෙනස් වෙමින්, ආගමික ජීවිතයට හුරුවෙනවා වෙනුවට විවිධ තනතුරු වලට ආශාවෙන්, ඒවා පසුපස හඹා යන පරපුරක් බිහි විය. අප මේ ගමන්කරමින් සිටින්නේ සුද්දා විසින් සිංහලයා ටිකෙන් ටික විනාශ කිරීම සදහා උගන්වපු මාර්ගයේය. රටේ සියල්ලම දැන් තීරණය වන්නේ දූෂිත චන්දවලිනි.
දැන් සුද්ධාගේ ක්‍රමයට දේවාල වලට බස්නායකවරුන් නිලමේවරුන් පත් වෙයි. දියවඩන නිලමේගේ සිට රට පුරා තිබෙන සියලුම දේවාල වල පාහේ මෙන්ම සියලුම විහාරවල නිලතල දැන් ලැබෙමින් පවතින්නේ දූෂිත ක්‍රම හරහාය. සුද්ධාගේ න්‍යාය තුලින් රටට වැරදුනු බව, රට වැනසුණු බව දැන් ඔප්පු වී අවසන්ය. සුද්ධාගේ න්‍යායයට වැඩකිරීමට හුරු වූ පුද්ගලයන් රට ගොඩනගන ආකාරය ඉගෙන ගෙන නැත. එබැවින් තව දුරටත් අප ගමන් කරන්නේ විනාශය වෙතය. එය වෙනස් කරන්නේ නම් කිරීමට බස්නායක නිලමේවරුන්ට හැකියාව තිබේ.
ඒ අනුව දූෂිත රටක් නිර්මාණය කිරීමට දායක වූ සුද්ධාගේ න්‍යායටම වැඩ කරන ප්‍රධාන දේවාල වල බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති ලෙස මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේරත් මුදියන්සේලාගේ ලාල් හේමන්ත බණ්ඩාර මහතා පත් වී තිබේ.
බහුතරයක් බස්නායක නිලමේවරුන් සෙල්ලම් කලේ දෙවියන්ගේ පින් කැටය සමගය. පින් කැටේ සල්ලි අල්ලස් ලෙස දෙමින් චන්ද ලබා ගන්නේය. ඊට අමතරව පැරණි දේවාභරණ හොරෙන් විකුණා දෙවියන්ගේ දේවල් හොරා කන්නේය. ඉඩකඩම් දූෂිත ලෙස විකුණා යහමින් මුදල් සොයා තමන්ගේ අඹු දරුවන් නඩත්තු කරන බොහෝ බස්නායක නිලමේවරුන්ගේ සෙල්ලම් අප සතුව සාක්ෂි සහිතවම තිබේ. සභාපති ලෙස පත් වූ නිලමේවරයාගේද වැරදිද අප සතුව තිබේ. එබැවින් දැන් මේ පත්වන සියලුම නිලවරණ වලින් පත්වන සියලුම නිලමේවරුන්ට කරන්නේ නම් කිරීමට විශාල වගකීමක් තිබේ. එනම් දෙවියන් සමග සෙල්ලම් කරමින් පුරා අවුරුදු ගනනාවක් දෙවියන් විකුණා කමින් රටට දෙවි පිහිට අහිමිකල බස්නායක නිලමේවරුන්ගේ සහ කපුවන්ගේ දූෂිත ක්‍රමයන් නවත්වා, නැවත රටට දෙවි පිහිට ලබා දීමට අවශ්‍ය පුරාණ චාරිත්‍ර සහ වාරිත්‍ර වලට අනුව නව පරපුරක් ගොඩනැගීමට අවශ්‍ය දායකත්වය රට වෙනුවෙන් නිසි ලෙසම ලබා දීමය. ප්‍රථමව ඔවුන් පන්සිල් සුරකින්නන් විය යුතුය. එසේ නොමැතිව වංචා, දූෂණ, අක්‍රමිකතා කරමින් පස් පව් කරන්නෝ දේවාලයකට වද්දා ගැනීමටවත් නුසුදුසු බව පුරාන පොත පතේම සඳහන් වේ. එබැවින් තව දුරටත් රට විනාශ වීමට ඉඩ නොතබා එසේ කිරීමට නොහැකි බස්නායක නිලමේවරුන් කල යුත්තේ තව තවත් පව් පුරවා නොගෙන තනතුරුවලින් ඉවත් වීමය.