රට විකුණා හරි බිත්තර දියව්. අද මිලියන 6 ක්.


ලංකාවේ කුකුල් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා බිත්තරයක මිල ඉහල ගියේය.

ඒවාට පහසුකම් ලබා නොදුන් වෙළද ඇමති ඉංදියාවෙන් බිත්තර ගෙන්වන අතර ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් නැතිව සිටියදී, ගැටලු දහසක සිටියදී තවත් ඩොලර් මිලියන ගණන් ඉංදියාවට ගෙවන්නේ ලංකාවේ පාරිභෝගිකයන්ද රට ගැන නොහිතන බව දන්නා නිසාය.


රටට හෙන ගැහුවත් කමක් නෑ, රට විකුණා හෝ ඩොලර් හොයා අපට බිත්තර දියව් කියන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද (31) ඉංදීය කිකිලියන්ගේ බිත්තර මිලියන 06 ක් පමණ ලංකාවට පැමිණීමට නියමිත බව රාජ්‍ය වානිජ නීතිගත සංස්ථා පවසයි.

Exit mobile version