රට වෙනුවෙන් ස්වදේශීය ජාතික ව්‍යාපාරය නිහඩවම වැඩ

ස්වදේශීය ජාතික ව්‍යපාරය බොහෝ කාලයක් තිස්සේ මෙරට දේශීයත්වය ගොඩනැගීම සදහා බොහෝ කටයුතු සිදුකරනුයේ රජයට හෝ මහජන මුදලට කිසිදු බරක් නොමැතිවය.

කොවිඩ් සමයේදීද එම ව්‍යාපාරය මගින් එරට ජනතාවට දැවැන්ත මෙහෙවරක් සිදුකරමින් සිංහල වෛද්‍ය කේන්ද්‍රය මගින් මෙරට ජනතාව සුවෙන් තබන්නට දැවැන්ත වැඩ කොටසක් සිදු කරන ලදී. මුල් කාලවකවානුව තුල ඔවුන්ට විශාල පිළිගැනීමක් තිබුණු නමුත් මාස කිහිපයකට පසුව පැමිණි කොවිඩ් එන්නතත් සමගම දේශීයත්වයට පයින් ගැසුවේද මෙරට ජනතාවමය. කොවිඩ් සමය තුලත් ඉන් පසුවත් සිංහල වෛද්‍ය කේන්ද්‍රය ශ්‍රී ලංකාව පුරාම වෛද්‍ය සායන පැවැත්වුයේ දේශීය වෛද්‍යවරුන් එක් අයෙකුගෙන් රුපියල් 1000 බැගින් එකතුකරමිනි.

නුදුරේම පැමිණීමට නියමිත ආහාර අර්බුධයට මූණ දීමට ජනතාව පෙළ ගැස්වීම ඔවුන් සිදු කලේ මීට මාස ගනනාවකට පෙරයි. එසේම පැමිණෙන විවිධ අර්බුධවලදී ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ මෙරට රජයෙන් කිසිදු මුදලක් රැගෙන නොවේ. ආහාර ප්‍රශ්නයට විසදුම් , ගෑස් ප්‍රශ්නයට ආදී සියලු ප්‍රශ්න වෙනුවෙන් විසදුම් ලබා දීම සදහා දිගින් දිගටම කටයුතු සිදු කරන අතර, ස්වදේශීය ජාතික ව්‍යාපාරය සැබවින්ම ව්‍යාපාරයක් නොවේ.

ඔවුන් මෙරට දේශීයත්වය සුරැකීම වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් සිදුකරන අතර ඔවුන්ට එරෙහිව පැමිණෙන සියලුම බලවේග පරාජය කරමින් නිහඩවම තම කටයුතු රට වෙනුවෙන් සිදුකරගෙන යන නමුත් රජය හෝ අදාළ ආයතනවලට තවමත් හෙටක් නිර්මාණය කිරීම ගැන කතා කරන්නට හෝ විසදුම් ලබා දීමට තවමත් සැලසුම් සකස් කර නොමැති අවධියක ස්වදේශීය ජාතික ව්‍යාපාරය මීට මාස ගණනාවකටම පෙරම සැලසුම් සකස් කර තිබීම විශේෂ වේ.

මහජනතාවගෙන් වැටුප් ලබන පාර්ලිමේන්තුවත්, වගකිව යුතු රාජ්‍ය නිලධාරිනුත් තම තමන් පිලිබඳව ලජ්ජා විය යුත්තේ ජනතාව සුරක්ෂා කිරීමේ වගකීම ඇති ඔවුන්ට වඩා ඉහලින් වග කීමක් නැතිව, ගෙවීමක් නොලබන්නෝ ඒ වෙනුවෙන් ජනතාව සූදානම් කරමින් තිබීම පිලිබදවයි.

Exit mobile version