රට lockdown කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලින් යෝජනාවක්.

සති තුනකට හෝ අවම වශයෙන් රට වසා දමන ලෙස ජනපතිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් යෝජනා කර ඇත.

ප්‍රධාන කරුණු 7ක් පදනම් කරගනිමින් එම යෝජනාව සකසා ඇති අතර එයින් ප්‍රතිඵල 4ක් ලබාගැනීමට අපේක්ෂිතව ඇත.

අපේ ජන බල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය යන පක්ෂවල නායකයන් විසින් එම යෝජනාවලියට අත්සන් තබා ඇත.

Exit mobile version