රණවිරුසේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව සාම්ප්රදායික පුනරුත්තාපන ක්රමවේදයෙන් ඔබ්බට ගොස් නව ක්රමවේදයක් හඳුන්වා දී ඇත.
ගෘහස්ථව සංචරණය කිරීමට පමණක් සීමාවන රෝද පුටුව වෙනුවට දෑත යොදාගෙන ක්රියාත්මක කළ හැකි විද්යුත් ආරෝපිත යතුරු පැදි 55ක් ලබා දීමට තීරණය කර ඇත.
මෙතුළින් රණවිරුවන්ගේ ප්රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනය සිදුවන බවට ඔවුන් පෙන්වා දී ඇත.
මෙම යතුරු පැදි 55 ඉපයීමේ ක්රයශක්තිය හීනවීමේ ප්රතිශතය පදනම් කරගනිමින් ලබා දීම සඳහා අදාල දිස්ත්රික්ක වෙත යොමු කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
මෙම ක්රියාවලියේ ප්රථම පියවර වශයෙන් මොණරාගල, රත්නපුර, මාතර යන දිස්ත්රික්කයන් සඳහා යතුරුපැදි එක බැගිනුත්, හම්බන්තොට දිස්ත්රික්කයේ රණවිරුවන් දෙදෙනෙකු සඳහා විද්යුත් ආරෝපිත යතුරුපැදි 05 ලබා දීම අද (10) සිදුකර ඇත.
ඒ අනුව මෙම ක්රියාවලිය දිගින් දිගටම දිවයිනේ තෝරාගත් රණක්ෂිතයටපත් පූර්ණ ආබාධිත රණවිරුවන් වෙත මෙම විද්යුත් ආරෝපිත යතුරු පැදි ලබා දීම සිදු කිරීමට නියමිතව ඇත.