ශ්‍රී ලංකාවේ පැවති 30 අවුරුදු යුද්ධය පිළිබදව ලියන ලද විවිධ පොත් අප කියවා තිබේ. ලංකාවේ පමණක් නොවේ. වෙනත් රටවල පැවති ඉතිහාසගත යුද්ධ පවා අප කියවා තිබේ. කෙසේ නමුත් ලංකාවේ පැවති යුද්ධය ගැන ලිය වී තිබෙන පොත්වලින් ප්‍රසිද්ධියට පත් වූ පොත වුයේ වත්මන් ආරක්ෂක ලේඛම්වරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටියදී ලියන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල්” නමැති පොතයි. එය දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් ලියන ලද පොතක් බවට මේ වනවිටත් දැඩි කතාබහකට ලක්ව තිබේ. එය කෙතරම් ප්‍රසිද්ධ වූ පොතක්ද යත් මහජනතාව විසින් මෙරටින් පලවා හරින ලද ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයා කිරීම වෙනුවෙන්, ඔහුගේ රණකාමීත්වය පෙන්වනු ලැබුවේ එම පොත තුලිනි. ඒ අනුව එම පොත රජයක් පෙරලීම වෙනුවෙන් ලියු ජාතිවාදී, ප්‍රෝඩාකාරී පොතක් බව මේ වන විටත් ප්‍රසිද්ද වී අවසන්. යුධ හමුදාවේ ඉදිරිපෙළ සෙන්පතියන් සදහන් කරන්නේ එම පොතේ තිබෙන කරුණුවලින් බහුතරයක් වැරදි බවයි. කෙසේ නමුත් ලේඛකයෙකු ලිවීමේදී ඔහුගේ ඉලක්කය වෙනුවෙන් බොහෝ කොටස් එකතුකරනු ලබයි. බොහෝ දෙනෙක් දන්නා කතා ලිවීමේදී නව කොටස් එකතු කිරීම සිදුකළහොත් ඒවා බොරු බවට පත් වේ.
රජයන් පෙරලීමට හෝ දේශපාලඥයන් බිහිකිරීම වෙනුවෙන් නොව යුද්ධයේදි මහජනතාවට මුහුණ දීමට සිදු වූ අදුරුතම මතක සහිත, සාපලත් යුද්ධයේදි දරුවන්, අම්මාවරුන්, ඇතුළු අහිංසක සිංහල,දමිල මෙන්ම මුස්ලිම් ජනතාවගේද දුක, වේදනාව,සන්තාපය සහිතව ජීවත්ව සිටින අයගේ කදුළු ගලපා ලියන ලද සත්‍ය කතා මාලාවක් පසු ගියදා කොළඹ 7, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති චාම් උත්සවයකදී පොත් එළි දැක්විණි.
“දෙනුවර නැවතුම” ලෙසින් නම්කර තිබෙන මෙම කතා මාලාව “තුන් ඈඳුතු නවකතාවක්” ලෙසින් පසුගියදා එළි දැක්විණි. රටක ආරක්ෂක අංශ හෝ රජයන් රාජ්‍ය ආරක්ෂාව තහවුරුකිරීම වෙනුවෙන්, ත්‍රස්තවාදය පලවා හැරීම වෙනුවෙන් කරනු ලබන ඕනෑම යුද්ධයකදී ජනතාවට සිදුවෙන අපහසුව, විලාපය මෙන්ම ශෝකයද මෙම පොත තුලින් මනාව ගලපා තිබේ. එමගින් ගෙනහැර දක්වන්නේ “රණමග ඔස්සේ නන්දිකඩාල්” ගිය පොත ලියු ලේඛකයා හෝ හෝ LTTE ත්රස්තවාදීන් නොදුටු මහජන විලාපයයි.
කොළඹ 7, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති චාම් උත්සවයකදී මෙම පොත් එළි දැක්වීමේ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය, නීතීඥ නාමල් රාජපක්ෂ, ප්‍රවීන මාධ්‍යවේදී තිඹිරියාගම බන්ඩාර මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී විය. පහත සබැදිය ඔස්සේ ඔබට මෙම පොත් ලබා ගැනීමටද හැකියාව තිබේ. වැඩසටහනේ සම්පුර්ණ විස්තරය වීඩියෝ සහිතව ඔබට පහතින් නැරඹිය හැකිය.
පහත සබැඳියෙන් මෙම පොත් ඔන්ලයින් ඔස්සේද ලබා ගත හැකිය.
එහිදී,
ආරාධිත අමුත්තන් පිරිවරා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් උත්සව සභාවේ වැඩ කටයුතු ඇරඹිනි. ඉන් පසු පිලිගැනීමේ කතාව සිදු කරනු ලැබුවේ දෙනුවර නැවතුම කෘතියෙහි කතෘ තුමිය වන ටිකිරි සුභාෂිණි විෆ්ලර් මහත්මිය විසිනි.
ඉන් අනතුරුව ආරාධිත දේශනය සිදුකල ප්‍රවීන මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර තම දේශනය ඉදිරිපත්කරමින් සඳහන් කලේ, ලේඛිකාවගේ ප්‍රථම ග්‍රන්ථය වූවද එම නිර්මාණය එක ,දෙක සහ තුන යන කොටස් තුනකින් ඉතා නිර්මාණශීලිව රචනා කර තිබෙන බවයි.
එසේම මෙම කතාමාලාවේ අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකාව තුල පැවති යුද්ධය පිලිබඳව බවත්, ඔහු කියවන ලද වෙනත් ග්රන්ථ පිළිබදවද විග්රහ කරමින් මෙම කතා මාලාවේ වැදගත්කමද පැහැදිළි කළේය. මෙම නිර්මාණය පිළිබදව ඉතාම හරවත්ව පැවත් වූ තිඹිරියාගම බණ්ඩාර මහතාගේ දේශනය ඔබට පහතින් නැරඹිය හැකිය.
ඉන් අනතුරුව තම දේශනය ඉදිරිපත්කලේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණි කවිරත්න මහත්මියයි. එහිදී ප්‍රථමව මෙම පොත් ලියු ලේඛිකාව පිළිබඳව හැදින්වීමක් කළේය.
සිංහල දමිල ආදර කතාවක් වන මෙම කතා මාලාවේ කුටුම්බ පිලිබඳව සියුම්ව හා පුලුල් ලෙස විග්රහ කොට තිබෙන බව එතුමිය පෙන්වා දෙන බැව් ඇය මැනවින් විග්රහ කළේය. ඇයගේ කතාව ඔබට පහලින් ඇසිය හැකිය.
ඉන් අනතුරුව නීතීඥ නාමල් රාජපක්ෂ මහතා තම දේශනය ඉදිරිපත්කරමින් රන්ජන් රාමනායක මහතාට මුහුණ දීමට සිදු වූ සිර දඩුවම පිලිබඳව විස්තරයක් ඉදිරිපත්කරමින් මෙම ග්රන්ථයෙහි ලේඛිකාව රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමට කටයුතු සිදු කල බවද පැහැදිලි කළේය. රන්ජන් රාමනායක නිදහස කරගැනීමට සිදුකල ආකාරය සහ නාමල් රාජපක්ෂ මහතා සිදුකළ සම්පුර්ණ දේශනය ඔබට පහතින් ඇසිය හැකිය.
ඉන් අනතුරුව දෙනුවර නැවතුමේ ලේඛිකාව තම දේශනය ඉදිරිපත් කළේය. එහිදී මෙම කතා මාලාව පිළිබදව කෙටි විස්තරයක්ද ඉදිරිපත්කරන ලදී. එම විස්තරයද ඔබට පහත සබැදියෙන් ඇසිය හැකිය.
ඉන් පසු ලේඛිකා ඉන්දු පෙරේරා මහත්මිය හට සම්මානයක් පුද කෙරුනි. පසුව එතුමියගේ ඒ පිලිබඳ ස්තූති කතාවක් කෙටියෙන් පැවැත්විනි.