රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

රට පුරාම ආන්දෝලනයට තුඩු දි තිබෙන ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියගේ නීතිවිරෝධී ස්ථානමරුවට එරෙහිව ගම්පොල ජනතාව සහ ස්වාමින් වහන්සේලා විසින් දැවැන්ත මහජන විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

දේශාපලන බේදයකින් තොරව මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවත්, ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්ථාන මාරුවට සම්බන්ධ මහනුවර දේශපාලඥයන්ට අමතරව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට එරෙහිව මෙය පැවැත්වෙන බවත් වාර්තා වේ. ඒ මහතා රත්නපුර දිස්ත්‍රික් කීර්තිමත් මහජන මන්ත්‍රීවරයෙකි.මෙම උද්ඝෝෂණය පැවැත්වෙන දිනය සහ වෙලාව පිළිබදව මෙන්ම එය පවත්වන ආකාරය පිළිබඳව ඔවුන් තවමත් සාකච්චා කරමින් සිටි.

කෙසේ වෙතත් මෙවැනි උද්ඝෝෂණ තුලින් දේශපාලන අධිකාරියට කිසි සේත්ම යහපතක් සිදුනොවන අතර ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණයට මෙම සියලුම සිදුවීම් බලපාන අතර, වර්තමානය වන විට මහජනතාව සිතන ආකාරය වෙනස්ව තිබේ. මීට පෙර මැතිවරණයන් වලදී කුමක් ලෙස හෝ ප්‍රසිද්ධ වීම ඊ ලඟ මැතිවරණයේ ජයග්‍රහණය තීරණය කරනු ලැබුවත් මෙවර මැතිවරණය එවැනි තත්වයන් වලින් විශාල වෙනසක් ඇති විය හැකිය. බොහෝ දේශපාලන නායකයන් එය හඳුනාගෙන නැති අතර නීතිවිරෝධී වැඩකරන සියලුම දෙනාට එරෙහිව ජනතාවගෙන් 70% ක් පමණ මෙවර තම මනාපය පලකරනු ඇතිබවට දක්නට තිබෙන්නේ එවැනි ප්‍රමාණයක් තවමත් තම චන්දය ලබා දෙන්නේ කාටද යන්න තීරණය කර නැති බැවිනි.

මහනුවර මාණ්ඩලික වර්තාකරු

Exit mobile version