රත්නපුර , වැලිගෙපොල ප්‍රාදේශීය සභාවට අයත්, අම්බැවිලේ සිට කරවිලයාය දක්වා පනහඩුව, පනහඩුව මාර්ගයේ ඉදිවන කාපට් මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදිවන බව වාර්තා වේ. වත්මන් රජය බලයට ඒමට පෙර ලබා දුන් පොරොන්දු ඉටුකරමින්, ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ පොරොන්දුව ඉටුකරමින් මෙම මාර්ගයද ඉදිවන අතර, වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණයෙන් මෙය සිදු වන බවද වාර්තා වේ.
නමුත් මෙම මාර්ගය ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් තොර බව රාවණා සිදු කල ගවේෂණයේදී අනාවරණය විය. ඒ අනුව පහත කරුණු අපගේ කණ්ඩායම අනාවරණය කරගෙන තිබේ.
- අතුරන ලද කාපට් වල ඝණකම අගල් එකයි තුන්කාලක් වත් නැති බව, සහ සමහර ස්ථානවලදී වෙනස් වීම, සහ සමහර ස්ථානවල මේ වන විටත් කාපට් කැඩී ගොස් තිබීම.
- ලයිට් පාර හන්දිය නමැති ස්ථානයේ කරවිල යාය මාර්ගය අරම්භවීම, ද්විත්ව මාර්ගයක් ලෙස සිදු වුවද, එම ස්ථානයෙන්ම අම්බැවිල දෙසට හැරෙන මාර්ගය තනි මාර්ගයක් ලෙස ඉතාම පටුව ඉදිවීම,
- ලයිට් පාර අයිනෙන් මෙම මාර්ගය ඉදිකරන ලෙස යෝජනා වී තිබුනද, එසේ සිදු නොවීම සහ, මීට පෙරද මෙම ලයිට් පාරේ අධිබලැති විදුලි රැහැන් කැඩී බිම වැටී තිබු නිසා, මාර්ගය භාවිතා කරන්නන්ගේ ජීවිත අනතුරේ වැටීම.
- විදුලිබල මණ්ඩලය අත හැර ඇති විදුලි කණු ඉවත් නොකර, වංගු දමමින් ඉදිකිරීම.
- මෙම ප්‍රදේශය කරමැටි සහිත ප්‍රදේශයක් වුවත්, ඒ පිලිබදව අවධානය යොමු නොකර කුඩා ප්‍රමාණයේ සක්ක ගල් අතුරා කාපට් ඇතිරීම.
- මාර්ගය දෙපස අඩි තුනක් බැගින් මාර්ග ආරක්ෂාවට ග්‍රේවල් පස් දැමිය යුතු වුවත්, එය අඩි එක හමාරක් දක්වා අඩු වී තිබෙන බව.
- තම දේශපාලන සගයන් බේරා ගැනීමේ අරමුනින් මෙම මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදි වන බව.
යන කරුණු අනාවරණය වී තිබේ.
වැලිගෙපොල හටංගල මාර්ගයද ඒ අයුරින්ම දූෂිතව ඉදිවන බව අප අනාවරණය කල අතර, මගයාය – ගොඩකවෙලතැන්න මාර්ගයද, කෝටි ගණනක වියදමින් පැවති යහපාලන සමයේ ඉදි කරන ලද අතර, එම මාර්ගය ඉදිකර අවුරුදු තුනක්වත් නොමැති වුවත්, එම මාර්ගයේ අතුරන ලද “කාපට්” මේ වන විට “රීබට්” වී විශාල වලවල් සෑදී තිබේ. එම ඉදිකිරීම, එම ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ ගල් කොරියක් වෙත යාම සදහා ඉදි කර තිබෙන අතර, ඔහු එය ජනතා අවශ්‍යතාවයක් ලෙස සලකා ඉදි කරන ලද බවද වාර්තා වේ. කෙසේ වුවද, එම ගල් කොරිය වෙත යන ලොරි රථ නිසා, මාර්ග පද්ධතියක්ම විනාශ වී තිබේ.
මෙම මාර්ගයද , මෙසේ ඉදි වුවහොත් අවුරුදු 4 ක් ගත වන්නටද පෙර, මෙම මාර්ගය විනාශ වනු ඇති බව අප සටහන් කරමු.
එසේම මෙම මාර්ගයේ මගයාය හන්දියට පහල මංසන්දියේද යහපාලන සමයේ පැතිබැම්මක් ඉදිකර තිබෙන අතර, ඒ සදහාද රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වියදම් කර තිබෙන අතර, එම ව්‍යාපෘතියද ජනතාවට කිසිදු සහනයක් හෝ පහසුවක් නොමැති අසාර්ථක ව්‍යාපෘතියක් බවටද තොරතුරු අනාවරණය වේ. විවිධ දේශපාලන වුවමනාවන් නිසා, ජනතා බදු මුදල් මෙසේ විනාශ කිරීම පිලිබදව අපගේ අප්‍රසාදය පල කරන අතර, වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ මෙම කටයුතු නිසා, අපහසුතාවයට පත් වන්නේද, අපකීර්තියට පත් වන්නේද, අති ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ ඉදිරි වැඩ පිළිවෙලවල් වන අතර, එයින් අපහසුතාවයට පත් වන්නේ, ජනතා බලාපොරොත්තුය. වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී වරුන්ද මේවා සිදු නොවෙනා ලෙසින් බලා සිටීම පිලිබදව ප්‍රදේශවාසීන්ගේ දැඩි අප්‍රසාදය පල කර සිටින අතර ඔවුන් පවසන්නේ වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්රමුඛ සියලුම මන්ත්‍රීවරුන් මේ පිලිබදව දැනුවත් කර තිබෙන බවය.