රත්නපුරේ තවත් දූෂිත මාර්ග ඉදිකිරීමක්.

රත්නපුර , වැලිගෙපොල ප්‍රාදේශීය සභාවට අයත්, අම්බැවිලේ සිට කරවිලයාය දක්වා පනහඩුව,  පනහඩුව මාර්ගයේ ඉදිවන කාපට් මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදිවන බව වාර්තා වේ. වත්මන් රජය බලයට ඒමට පෙර ලබා දුන් පොරොන්දු ඉටුකරමින්, ග්‍රාමීය මාර්ග කිලෝ මීටර්  ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ පොරොන්දුව ඉටුකරමින් මෙම මාර්ගයද ඉදිවන අතර, වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණයෙන් මෙය සිදු වන බවද වාර්තා වේ.

නමුත් මෙම මාර්ගය ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් තොර බව රාවණා සිදු කල ගවේෂණයේදී අනාවරණය විය. ඒ අනුව පහත කරුණු අපගේ කණ්ඩායම අනාවරණය කරගෙන තිබේ.

යන කරුණු අනාවරණය වී තිබේ.

වැලිගෙපොල හටංගල මාර්ගයද ඒ අයුරින්ම දූෂිතව ඉදිවන බව අප අනාවරණය කල අතර, මගයාය – ගොඩකවෙලතැන්න මාර්ගයද, කෝටි ගණනක වියදමින් පැවති යහපාලන සමයේ ඉදි කරන ලද අතර, එම මාර්ගය ඉදිකර අවුරුදු තුනක්වත් නොමැති වුවත්, එම මාර්ගයේ අතුරන ලද “කාපට්” මේ වන විට “රීබට්” වී විශාල වලවල් සෑදී තිබේ. එම ඉදිකිරීම, එම ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ ගල් කොරියක් වෙත යාම සදහා ඉදි කර තිබෙන අතර, ඔහු එය ජනතා අවශ්‍යතාවයක් ලෙස සලකා ඉදි කරන ලද බවද වාර්තා වේ. කෙසේ වුවද, එම ගල් කොරිය වෙත යන ලොරි රථ නිසා, මාර්ග පද්ධතියක්ම විනාශ වී තිබේ.

මෙම මාර්ගයද , මෙසේ ඉදි වුවහොත් අවුරුදු 4 ක් ගත වන්නටද පෙර, මෙම මාර්ගය විනාශ වනු ඇති බව අප සටහන් කරමු.

එසේම මෙම මාර්ගයේ මගයාය හන්දියට පහල මංසන්දියේද යහපාලන සමයේ පැතිබැම්මක් ඉදිකර තිබෙන අතර, ඒ සදහාද රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වියදම් කර තිබෙන අතර, එම ව්‍යාපෘතියද ජනතාවට කිසිදු සහනයක් හෝ පහසුවක් නොමැති අසාර්ථක ව්‍යාපෘතියක් බවටද තොරතුරු අනාවරණය වේ. විවිධ දේශපාලන වුවමනාවන් නිසා, ජනතා බදු මුදල් මෙසේ විනාශ කිරීම පිලිබදව අපගේ අප්‍රසාදය පල කරන අතර, වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ මෙම කටයුතු නිසා, අපහසුතාවයට පත් වන්නේද, අපකීර්තියට පත් වන්නේද, අති ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ ඉදිරි වැඩ පිළිවෙලවල් වන අතර, එයින් අපහසුතාවයට පත් වන්නේ, ජනතා බලාපොරොත්තුය.   වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී වරුන්ද මේවා සිදු නොවෙනා ලෙසින් බලා සිටීම පිලිබදව ප්‍රදේශවාසීන්ගේ දැඩි අප්‍රසාදය පල කර සිටින අතර ඔවුන් පවසන්නේ වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ  සියලුම මන්ත්‍රීවරුන් මේ පිලිබදව දැනුවත් කර තිබෙන බවය.

https://www.ravanalankanews.lk/wp-admin/post.php?post=1255&action=edit

Exit mobile version