රත්නපුරේ දේශපාලඥයාගේ ඕනා, එපාකම් නොකලට ප්‍රාදේශීය ලේකම්ලාට දේශපාලන කැපිල්ලක්.

රත්නපුර, බලන්ගොඩ බොල්තුෙඹ් ශ්‍රී රාවණා දේවාලය නොහොත් ශ්‍රී සුමන සමන් දේවාලයේ පැවති බස්නායක නිළමේ තේරීමේ නිලවරණයට දේශපාලන බලවතුන් සහ  දුෂිත සංඝයා  විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු තෝරා පත්කරගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිගින් දිගටම බලපෑම් එල්ලවිය. එසේම ඔවුන්ට ලක්ෂ 10, 20 බැගින් අල්ලස් ලෙස ලබා දි ඡන්දය ගැනීමට උත්සාහ කලද, රත්නපුරේ සියලුම ප්‍රාදේශීය ලේඛම්වරුන් 7 දෙනෙකුම මුදල් ලබා නොගෙන, බලපෑම්වලට යටත් නොවී ඡන්දය ලබා දීමට තීරණය කරන ලදී.

අවසානයේ ප්‍රචණ්ඩත්වයෙන් එය ලබා ගැනීමට උත්සාහ කල අතර, එයද කරගැනීමට ඔවුන් අපොහොසත් විය. අල්ලස් ලබා දීමට කල යෝජනා සහිත පටිගත කිරීම් කිහිපයක්ම අපට ලැබී තිබේ.

මෙම සිද්ධිය මත අනෙක් පාර්ශ්වයේ ප්‍රබලයන්ට කනේ පාරක් වැදුණු අතර, එය ඉදිරියේදී පැවැත්වීමට නියමිත, සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණයට ද ප්‍රබල පාර්ශ්වයට කනේ පහරක් එල්ලව තිබේ.

ඒ අනුව සමන් දේවාලයේ නිලවරණය ඉලක්කරගෙන මේ වන ඔවුන්ගේ හිතවත්, නැටවිය හැකි ප්‍රාදේශීය ලේඛම්වරුන් කිහිපදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයට ගැනීමට ප්‍රබල පාර්ශ්වය කටයුතු කරමින් සිටි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ දෙදෙනෙක් රත්නපුරයෙන් ඉවත් කිරීමයි. ඔවුන් දෙදෙනා කවුරුන්ද යන්නද තොරතුරු අප සතුව තිබේ.

එසේම ප්‍රාදේශීය ලේකම්වරුන් ඔවුන්ට අවශ්‍ය ලෙස කටයුතු නොකළහොත්, ඔවුන් මාරු කිරිමට කටයුතු කරන බවටද ඔවුන්ට ප්‍රකාශ කලබවට අවශ්‍ය සාක්ෂි අප සතුව තිබේ.

කෙසේ නමුත් මෙම ක්‍රියාව මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් දැනගෙන සිටින අතර, ඉදිරි මහා මැතිවරණයේදී එම දේශපාලන අධිකාරියට පාර්ලිමේන්තුවට යාම අවහිර වීමට පවා මෙම සිද්ධිය බලපෑම් ඇතිකරනු ඇත. මේ වන විට කලවාන ප්‍රාදේශීය ලේඛම් ලෙස ඔවුන්ට හිතවත් අයෙකු පත්කරගෙන තිබෙන බවටද, ඔවුන්ගේ පාර්ශ්වයන් ප්‍රකාශ කරති.

එබැවින් ප්‍රාදේශීය ලේකම්වරුන් එක අයෙක් හෝ රත්නපුරයෙන් මාරු කිරීම, අදාළ දේශපාලඥයන්ට ඉදිරි මැතිවරණය තීරණාත්මක වනු ඇත. එසේම, එසේ මාරු කළහොත්, එය සිදුකල රත්නපුරේ දේශපාලඥයන්ගේ නම් ගම් එළි දැක්වීමටද අපට සිදු වේ. එයට අවශ්‍ය සාක්ෂි අප සතුව තිබෙන අතර, ඔවුන්ට ගරු කිරීමක් ලෙස, එම තොරතුරු සටහන් නොකරීමට, ප්‍රධාන කතෘ තීරණය කරන ලදී. එසේම එය එසේ වුවහොත් අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි පවා ඉදිරිපත් වීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. නිවැරදි දේ , නිවැරදි ලෙස ඉටුකළ ප්‍රාදේශීය ලේඛම්වරුන්ගෙන් පළිගැනීමට ඉඩ දීමට ජනතාව දේශපාලඥයන් පාර්ලිමේන්තුවට යවා නැත.

ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා මැදිහත්ව මෙවැනි ක්‍රියා සිදුකිරීමට ඉඩ නොදිය යුතුය.

Exit mobile version