රත්නපුර – ඇඹිලිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් එම ප්‍රදේශයේ ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ කර ඇති බව අප වාර්තා කරුවන් සඳහන් කරයි.
කොළඹගෙආර කල්කොරිය හන්දිය ප්‍රදේශයේ මෙම උද්ගෝෂණය මේ වන විට පවත්වාගෙන යන අතර ඊට හේතු වී ඇත්තේ සංඛපාල කඳු රක්ෂිතයේ ගල්කොරියක් ආරම්භ කිරීම බව ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට ගෙන්වා මෙම ගල්කොරිය වසා දමන බවට පොරොන්දුවක් ලබා ගැනිම මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන අරමුණ වී ඇති බව ද අප වාර්තාකරු සඳහන් කරයි.
මේ වන විට රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ විශාල වාහන තදබදයක් ද මෙම උද්ඝෝෂණය හේතුවෙන් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
රාවණා සටහන
මීට ඉහත දී ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය ද මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ලිඛිත වශයෙන් පූර්ණ දැනුවත් කිරීමක් සිදුකර තිබුණි.