රත්නපුර “ඇලෝසියස්” විද්‍යාලයේ විදුහල්පති අපයෝජන සිද්ධියක් පිලිබඳව සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරයි.

රත්නපුර “ඇලෝසියස්” විද්‍යාලය යනු ඉතාම දක්ෂයන් බිහිකළ රත්නපුර නගරයේ පිහිටි පිරිමි පාසලයි. මීට අවුරුද්දකට පමණ පෙර සිදුව ඇති බව කියවෙන එම සිද්ධිය පිලිබදව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක දුරකතන අංකයට පැමිණිල්ලක් ලෙස ලැබී ඇත්තේ ඉකුත් 12 වන දා ය.

එම පැමිණිල්ල මත විදුහලට ගොස් පරීක්ෂණයකින් පසු එම පාසලේ විදුහල්පතිවරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (23) අධිකරණයට කැරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 එසේම එම විමර්ශනය කිරීමේදී තවත් දරුවන්ට එසේ කර තිබෙන බවට වාචිකව තොරතුරු තිබෙන බවද වාර්තා වන අතර එවැනි සිද්ධි තිබේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකය වෙත දැනුම් දෙන ලෙසද තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය සුරක්ෂා කරං බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අප මීට පෙර වාර්තා කර තිබෙන වීරකැටියේ පාසල් සිසුවා වෙනුවෙන් ද, මහරගම ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක 6 වසරේ සිසුවියකට කල පහරදීම පිලිබඳවද, රත්නපුරේ ගොඩකවෙල රාහුල ජාතික පාසලේ සිසුවා වෙනුවෙන්ද නිසි ක්‍රියාත්මක කිරීම් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපොහොසත්ව තිබේ. රාහුල ජාතික පාසලේ සිසුවා මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් පාසල් ගොස් නැත.

එවැනි ප්‍රසිද්ධ කර තිබෙන සිද්ධීන් පිලිබඳව ක්‍රියාත්මක නොවීමත්, මෙවැනි සිද්ධීන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වීමේ දෙබිඩි පිළිවෙත පිලිබඳව ගැටළු රාශියක් තිබේ මේ දෙපාර්ශ්වයම දරුවන් වේ. මේ සියල්ලෙන්ම සිදුව තිබෙන්නේ විවිධාකාරයේ අපයෝජන වේ. ලිංගිකත්වය පමණක් අපයෝජනය ලෙස නොසැලකේ.

Exit mobile version