රත්නපුර ගල්පායේ පල්ලියක් හදනවා – ජනතාව කලබල වෙති.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොඨිඨාශයට අයත් ගල්පාය පොල්වගාව නැමති ප්‍රදේශයේ පුනරුත්තාපන කඳවුරක් සමග යම් ආගමකට අයත් පල්ලියක් ඉදිකිරීමට යන බවට ජනතාව අතර යම් කතා බහක් ඇති වී තිබේ.

එසේම ඒ සමගම යම් ගොඩනැගිලි සංකීර්ණයක්ද ඉදිකිරීමට නියමිත බවද කනින් කොනින් ඇසෙන කතාවල දැනගන්නට ලැබේ.

එය සත්‍යක්ද , අසත්‍යක්ද යන්න කිසිදු ලේඛණ සාක්ෂියක් නොමැති නමුත් එය සත්‍යක් නම් එම ප්‍රදේශයේ යම් මහජන කැළඹීමක් සිදු විය හැකිය.

රාවණා සටහන

සාමකාමීව ජීවත් වන මිනිස් සමාජයන් මතු අනාගතයේදී හෝ ජාතිවාදයෙන් ඇවිස්සීමට අවශ්‍ය කටයුතු සිදු වීමට ඉඩ තැබීම සුදුසු නැත. එවැනි දෙයක් ගල්පාය අවට සිදුවීමට නියමිත නම් එය කල යුත්තේ කාලයක් පුරා සංහිඳියාව ඇති කිරීමෙන් පසුවය. එසේ නොමැතිව, නුහුරු පරිසරයකට වෙනත් ජාතියක පුරවැසියන් එක් වරම එකතු කිරීමෙන් ජාතිවාදය සහ ආගම්වාදය පැතිරී ගොස් රට පමණක් නොව ලෝකයම කැළඹීමට ලක් වේ.

කාලයක සිට මේ ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශ වල ජනතාවට විවිද අකටයුතුකම්වලට මුහුණ දීමට සිදුව තිබේ. බඹරගල ආරණ්‍ය සේනාසනයට අයත් වනය එලි පෙහෙළි කර සන්නිවේධන කුළුණක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කිරීම, පනහඩුව රන්මිණි කොත පරණ ස්තූපය මතුපිට අණ පනත් උල්ලංඝණය කරමින් සන්නිවේධන කුළුණක් ඉදිකිරීමට කටයුතු කිරීම, කොස්වැටිය අක්කර 50 ප්‍රදේශයේ ගල්වලවල් නිසා පීඩා විඳීම, යපල් ආර වැවට අසන්න රක්ෂිත විනාශ කිරීම, මේ වන විට සංඛපාල මීගහයාය සිදුවීමට යන මහා පරිසර සහ ජන ජීවිත විනාශය ආදී ගැටළු නිසා ජනතාව වරින් වර පීඩා විදිති.

නමුත් රටක් ලෙස ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් රාජ්‍ය නිලදාරියාගේ සිටම පහලට ජන ජීවිතය සාමකමී වීමට අවශ්‍ය සමාජ විද්‍යාත්මක සහ අගමික් දර්ශනයන් නිසි ලෙස ස්ථාපානය විය යුතුය. එය තවමත් ශ්‍රී ලංකාව තුල නිසි ලෙස ස්ථාපානය වී නැත.

Exit mobile version