රත්නපුර, ගල්පාය ප්‍රදේශය දැඩි අනතුරක.

.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්පාය ප්‍රදේශය අවටින් දිනකට දැව ප්‍රවාහන ලොරි 4 ක පමණ දැව කඳන් ප්‍රවාහනය කරන බව වාර්තා වේ. එය ගණන් බැලූ විට මසකට ලොරි රථ 120 ක් පමණ වන බව ගණන් බලා තිබේ. ඊට අමතරව බඹරගල ආරණ්‍ය සේනාසනයට අයත් රක්ෂිතයේද විශාල ගස් හොරෙන් කපාගෙන ගොස් ඇති බව ද, ඊයේ රාත්‍රියේ ආරණ්‍යයේ පැරණි බෝධිය අසල තිබු කුඹුක් ගසක්ද හොරෙන් කපා රැගෙන ගොස් ඇති බව ද, ඊට පෙර දින රාත්‍රියේ තවත් ගසක් කපාගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි. මේ ආකාරයෙන් වන විනාශයද සිදු වෙමින් පවතින අතර එම ප්‍රදේශයේ විශාල වැලි වලවල් ද ක්‍රියාත්මක වන අතර තව වැඩි කල් නොගොස්ම, පුස්සතොට , දික්යාය, බඹරගල, ගල්පාය, පනහඩුව , ආදී අවට ගම්මාන වලට විශාල ජල හිගයකට මූණ දීමටත්, එම ප්‍රදේශයන්හි ජීවත් වන එම ජනතාවට එම ප්‍රදේශයන් වල ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඔවුන් අන්ත අසරණ භාවයට පත් විය හැකි බවද සමාජ සහ පරිසර වේදීන් අනතුරු හඟවති. එහෙත්  බහුතර  ජනතාවට ඒ පිලිබදව කිසිදු වගකීමක් නොමැති බවත්, ඔවුන් අනාගත පරපුරක් ගැන නොව ඔවුන්ගේ හෙට දවස ගැනවත් නොහිතන බව ද වර්තා වෙයි.

Exit mobile version