වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත විවිද කටයතු කර ගැනීමට පැමිණි මහජනතාව අද (01) අපහසුතාවයට පත්ව තිබෙන අතර බොහෝ දෙනෙකු ආපසු හැරී ගොස් තිබේ.
මෙසේ අපහසුතාවයට පත්වීමට සිදුව ඇත්තේ එන්නත් ලබා දුන් කාඩ් පත නොමැතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයන්ය. එන්නත්කරණ කාඩ් පත නොමැති පුද්ගලයන් කාර්යාලය වෙත ඇතුලත් කරගෙන නොමැති බව සමාජ මාධ්‍යවලද සටහන් තබා තිබුණි.
අප ඒ පිලිබදව වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමිය විසින් එසේ උපදේස ලබා දී තිබෙන බවයි. කෙසේ වුවත් එහි නීතිමය තත්වය අප විසින් එතුමාට පහදා දීමෙන් අනතුරුව එම අපහසුතාවයෙන් ජනතාව මුදවා ගැනීමට ඔහු කටයුතු කරන ලදී.
මෙවැනිම සිද්දියක් පසුගිය දින අම්බැවිල ප්‍රාථමික විද්‍යාලයෙන්ද වාර්තා වූ අතර එහිදී දෙමාපියන්ගේ එන්නත් කාඩ් පරීක්ෂා කිරීමට එහි විදුහල්පතිවරයා විසින් උපදේශ ලබා දී තිබේ. නමුත් දරුවන් සිසු දරුවන් අපහසුතාවයකට ලක් වීමක් එහිදී සිදු වී නොමැත.
නමුත් එන්නත් ලබා නොගැනීම හේතුවෙන් යම් පුද්ගලයෙකුට රජයේ සේවා ලබා නොදෙන්නේ නම් එයින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන අතර වෙනත් ලිපි, නියෝග චක්‍රලේඛණ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වන ලෙස කටයුතු කල නොහැක. නමුත් පාර්ලිමේන්තුව මගින් යම් පනතක් සම්මත කර ගෙන තිබේ නම් ඊට පරිභාහිරව කටයුතු කිරීමට දෙපාර්ශ්වයටම ඉඩක් නොලැබේ. තම අභිමතය පරිදි නීතින් වෙනස් කිරීමට හෝ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල නොහැක. අභිමතය භාවිතා කල හැක්කේ නීතියක සදහන් නොවන කරුණු වලට පමණි.
බොහෝ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් රැස්වීම් වලදී මෙන්ම වෙනත් කටයුතුවලදී වැරදි උපදේස ලබා දෙන බව ප්‍රකට කරුනකි. නමුත් එම උපදෙස් ලිඛිතව ලබා නොදී වැඩේ ගැස්සුන විට මා එවැනි දෙයක් කිවේ නැති බව ප්‍රකාශ කරන්නට තරම් පහත ලෙස හැසිරෙන උසස් නිලධාරීන් එමටය. උසස් නිලධාරීන්ට ඇති බිය නිසා හෝ වරප්‍රසාද අහිමි වේ යයි බියෙන් සහ නීතිය නොදැනීම නිසා මෙසේ මහජනතාව මෙන්ම උසස් සහ පහල සිටින නිලධාරීන්ද දැඩි අපහසුතාවයන්ට ලක් වන අවස්ථා ඕනා තරම් අප දැක තිබේ.