පෙබරවාරි 14 වනදාට යෙදී තිබූ ආදරවන්තයන්ගේ දිනයේදී සිය බිරිඳට තෑග්ගක් ලබාදීමට නිවසක් කොල්ලකෑ සැමියෙකු තවත් කාන්තාවක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය වැල්වැටිතුරෙයි ප්රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි සැකකරුවෙකු සහ 49 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් දෙදෙනා වැල්වැටිතුරෙයි ප්රදේශයේ යුවළක් රැඳීසිටි නිවසක් කොල්ලකා ඇති අතර එහිදී රත්රං පවුම් 29ක් රැගෙන පළාගොස් තිබේ.
පසුව ඒවා යාපනය නගරයේදී උසක් කිරීමට යෑමේදී සැකකාරියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඒ අදාළ කාන්තාව එම රත්රං භාණ්ඩ උකස් කිරීමට යෑමේදී ඇතිවූ සැකය මත පොලීසියට ලැබුණු තොරතුරක් අනුවය.