රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩමුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීමට අප්‍රේල් 23 වනදා තෙක් සහන කාලයක් ලබාදී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අප්‍රේල්11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීම නිසා පොලීසිය විසින් නිකුත්කළ ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩමුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩමුදල් ගෙවීමට 23 වනදා දක්වා සහන කාලයක් ලබා ද ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Exit mobile version