පානම පොලිස් වසමට අයත් රදැල්ල රක්ෂිතයට අනවරසයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කළ බව කියන සය දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ ශාස්ත්රවෙල කඳවුරේ නිලධාරින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී ගෑස් සිලින්ඩරයක්, යකඩ මිටියක්, ලීටර පහේ කෑන් එකක්, උල් කටු, යකඩ කඩු, ගල් කුඩු සාම්පල්, වෙඩි බෙහෙත් අඩංගු ජෙල් කරල්, ඇමෝනියා ග්‍රෑම් 500ක්,ඩෙට් කෝඩ් දෙකක්,ගල් බෝර දැමීමට යොදාගන්නා කැප් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇති බව සදහන් .
පුරාවිද්‍යා ලාංඡනය සහිත ලැමිනේටින් කරන ලද පුවරුවක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබිණි.
විශේෂ කාර්ය බළකායේ ශාස්ත්රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්තගේ අධීක්ෂණය යටතේ ශාස්ත්රවෙල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඒ.එම්. මදුසංඛ ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සදහන් .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානයට බාර දී තිබිණි.