පාර්ලිමේන්තුවේ රුපියල් කෝටි හතක විදුලි බිල ගෙවා නොමැති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී අද ( 23) ඉල්ලා සිටි බව වාර්තා වේ.
දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම ඉල්ලීම කළ ඇමැතිවරයා මෙසේද පවසා තිබේ.
පාර්ලිමේන්තුවේ රුපියල් කෝටි හතක විදුලි බිල ගෙවලා නැහැ කියලා අද පුවත්පත්වල පළ කර තිබෙනවා. එම ප්‍රකාශය කරලා තියෙන්නේ රන්ජන් ජයලාල්. එය අසත්‍යයයි. මම හොයලා බැලුවා. පාර්ලිමේන්තුවේ විදුලිබිල මාසිකව ගෙවලා තියෙනවා. හිඟයක් නැහැ. එම ප්‍රකාශය පාර්ලිමේන්තුවට අගෞරවයක් . ඒ අසත්‍ය ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න.