රන්මිණි කොත පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමට එරෙහිව පුරාවිද්‍යා නිලදාරීන්ට සහ තවත් අයට විරුද්දව පොලිසියට පැමිණිල්ලක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය  සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොඨිඨාශ දෙකටම අයත් සහ  මායිම්ව , පනහඩුව, වෙහෙර බින්දයාය නමැති ප්‍රදේශයේ පිහිටා තිබෙන රනිමිණි කොත නමැති ඉතා පැරණි ෛචත්‍යක් පිහිටා තිබේ.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හදුනාගෙන ඇති, නටබුන් සහිත භූමියක් වන මෙතුල ඉදිවන යම් ඉදිකිරීමක් කිරීමට විරෝදය පළකරමින් පොලිස් මූලස්ථානය  වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව රවණා ගවේෂකයනට  අනාවරණය වේ.

එම පුරාවිද්‍යා භූමිය තුල මේ වන විටත් යම් ඉදිකිරීමක්  සදහා පෞද්ගලික අංශයක් විසින් කැණීමක් කර තිබෙන බවද, එම කැනීම් කර තිබෙන ස්ථානය තුලද මේ වන විටත් යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තූන් විනාශ වී තිබෙන බවත්  යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් එම භූමිය සදහා වංචනික ඔප්පු සකසා තිබෙන බවද අනාවරණය වන අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 21, 23, 26, 90, 104 ,109, 112, 113(අ) (I) 120, 138, 139, 162, 184, 195, 193, 199, 204, 215, 289, 291, 290 (අ), 407, 408, 452, 457, හා 459 යන අංක යටතේ විවිධ පුද්ගලයන්ට චෝදනා ඉදිරිපත් වන ලෙස එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බවද සදහන් වේ.  

කෙසේ වුවද බොහෝ දෙනකු පවසන්නේ මේ ඉදිකිරීම පිටුපස මේ ස්ථානයේ තිබෙන නිධානයක් ගැනීම මේ අයගේ අරමුණ වී තිබෙන බවද සදහන් වේ.   මේ වෙනුවෙන් නීතීඥ කණඩායමක් පෙනී සිටින බවද ඔවුන්ගේ උපදේශ මත මෙසේ පැමිණිල්ල ඉදිරිපත් වන බවද, එක්තරා සංවිධානයක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත් බවද වාර්තා වේ.

නිධන් ගැනීමක් සදහා යමක් කරන බවට සැක පහල කරන පූජා භාණ්ඩ.
ඇතුල්වීම පවා තහනම් කරමින් ඉදිකිරීම් සමාගම සවිකර තිබෙන පුවරුවක්.
Exit mobile version