ඇඹිලිපිටියේ රන්මිනිකොත වෙහෙරේ පුරාවිද්‍යා පනතට පටහැනි ලෙස බලහත්කාරයෙන් ඉදි කරන සන්නිවේදන කුලුනට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකගේ වංචා දූෂණ සහ අපරාධ ගණනාවක් සොයා ගැනීමට අද එම ප්‍රදේශයේ සංචාරය කල කෑගල්ල දිස්ත්‍රික්කයේ අපගේ මාද්‍යවේදීන් කණ්ඩායමකට හැකි වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ දැවැන්තම පුරාවිද්‍යා මංකොල්ලයට සහ විනාශයන්ට වගකිව යුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඒ පිළිබදව විමසීම් කරන සියලු දෙනාගේ දුරකථනයන් අවහිර කරමින් සිටි. එහෙත් රටේ ඉතිහාසය විනාශ කිරීම නැවැත්වීමේ වගකීම දැරීම සදහා මහජනතාව වැටුප් ගෙවනා පුද්ගලයාට සැමදා සැග වී සිටීමට නොහැකි වනු ඇත. විනාශ කරන්නන්ටද, විනාශයන් සදහා ආධාර උපකාර කරන්නටද මතු දිනයක පිළිතුරු බැදීමට සිදු වනු ඇත.
එසේම ශ්‍රී සංඛපාල රජමහා විහාරයට අයත් සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 54 රූඩ් 1 පර්. 16 ක් බවද අති පූජ්‍ය අත්තුඩාවේ ගුණරතන හිමි වෙත ( අපවත් වී වදාළ) ලබා දී ඇති ලිඛිත ලියවිල්ලේ සදහන් වේ. එසේම අප ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් “ තුඩපත” ට අනුව සහ 2002 අගෝස්තු 01 වැනිදා නිකුත් කර තිබෙන ආණ්ඩුවේ ගැසට් පත්‍රයට අනුව ද පල්ලෙබැද්දේ සිට උඩවලව දක්වාම ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානයට අයත් නොවන අතර මුලින් ලබා දී ඇති අක්කර 54 රූඩ් 1 පර්. 16 ට අමතරව විලියම් ගොපල්ලව මහතා විසින් ලබා දී තිබෙන අක්කර 20 ද පමණක් ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානයට අයත් වේ. ජනතාව අපගේ කණ්ඩායමට ලබා දී ඇති සාක්ෂි වලට අනුව එම ප්‍රමාණයට අමතරව කිසිදු ඉඩමක් සංඛපාල රාජමහා විහාරයට අයත් නැති අතර වර්තමාන නීතියට අනුව හිමි වන්නේ එපමණකි.
අප සතුව තිබෙන ලේඛනවලට අනුව කොස්වැටිය අක්කර 50 ප්‍රදේශයේ තිබෙන ජනතාවට පීඩාවක්ව පවතින ගල්වලටද බදු ඔප්පු නිකුත් කර තිබෙන අතර එම ගල්වල සහිත ප්‍රදේශය අයත් වන්නේ වනජීවී රක්ෂිතයකටය. හිමිවරුන් සුරැකිය යුතු ස්ථාන සුරැකීම සදහා ගිහියන්ට කටයුතු කිරීමට සිදු වීම අබ්න්ග්යයකි.
එසේ නම් සංඛපාල විහාරස්ථානයට අයත් නොමැති ඉඩම් වලට බදු ඔප්පු සකසා ඇත්තේ කෙසේද? නීතිවේදීන් බදු ඔප්පු ලීවේ කෙසේද?. සංඛපාල සිට කිලෝ මීටර් 4 ක් පමණ දුරින් පිහිටි රන්මිණි කොත පැරණි වෙහෙරට බදු ඔප්පු සැකසුනේ කෙසේද? . පොලිස් නිලදාරීන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? සංඛපාල සහ අවට සිය ගණනක් ජනතාව අතර ගැටළු ඇති කරන හිමි නම කවුද?. ගොඩකවෙල සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම්වරු මේ ඉඩම් ගැටලුව පිළිබඳව සහ ඉඩම් වංචාව සොයා බැලුවාද?. එසේ නොමැති නම් අදාළ හිමිනමකගේ පදයටම නොහොත් ඔහුගේ බෙර පදයටම නැටුවාද?. රන්මිණි කොත වෙහෙරේ ඉදිකිරීමට මොබිටෙල් සමාගමට නීතිමය වශයෙන් හැකියාවක් තිබේද ? පොලිසිය සියල්ල යට ගසන්නේ ඇයි?. ජනතා ප්‍රශ්න වලට ජනතාවගේම මුවින් ලබා දී තිබෙන හේතු සහ ඔවුන්ගේ පීඩාවන් සැකෙවින් අප සතුව තිබේ. වංචා, දූෂණ, අක්‍රමිකතා ජනතාවට සිදු කරන පීඩා මෙන්ම පුරාවස්තූන් විනාශයන් පිළිබඳව ද රට පුරා විසිරි සිටින අපගේ මාධ්‍ය සහ මාධ්‍ය නොවන කණ්ඩායම් නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිති. එසේම අප ලියන සියලුම දේවල් නීත්‍යානුකූල වන අතර යමක් නිවැරදි කර ගැනීමට අවශ්‍ය නම් සත්‍ය සහ නීතිය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි මත මේවා නිවැරදි කිරීමටද අප බැදී සිටුමු . එසේම ජනතාව විසින් අපට ලබා දී තිබෙන සියලුම දුක් ගැනවිලි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. රාජකාරිය හෝ නිසි ලෙස ඉටු නොකර, බුදු දහමට විරුද්දව එහි දර්ශනයට විරුද්දව කරනා මේ දේවල් වහාම නතර විය යුතුය.